සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1603
වොලොමන්ට්
(පාරිභා.) නා.ප්‍ර. පිටියෙන් තනා ගත් කොපුවක් තුළට අඹරා ගත් මස්, මාළු බහා පිළියෙල කළ කෑමක්.
වොෂරය
නා. ලෝහයෙන් හෝ රබර්වලින් තනන ලදුව යා කෙරෙන තැන් හෝ මුරුච්චි (ඇණ) සුරක්ෂිතව තබා ගැනීමට උපකාර වන මුදුව.
වොෂිංසිල්ක්
(පාරිභා.) නා.ප්‍ර. වර්ණයට හෝ වියමනට හෝ හානියක් නොවන සේ සේදිය හැකි සේද රෙදි වර්ගයක්.
වොෂින් සෝඩා
(පාරිභා.) නා.ප්‍ර. රෙදි ආදිය සේදීමට ගන්නා සියුම් කැටවලින් යුත් සෝඩියම් බයිකාබනේට්.
වොස්සග්ගය
නා. දේය ධර්ම පරිත්‍යාගය ; දිය යුතු දේ පවරා දීම.
වොස්සජ්ජනය
1. නා. තමන්ගේ අයිතිය අත්හැරීම ; පරිත්‍යාගය.
2. (ආයු සංස්කාරය) අතහැරීම ; මුදා හැරීම.
3. බිම තබනු පිණිස පය පහත හෙළීම.
4. කෙළෙස් ප්‍රහීණ කිරීම.
වොළනාය
නා. සත් දවසක් එක දිගට වහින වැස්ස.
වොළො
වි. දුර්වල වූ ; දුබල වූ.
වෝක්ස්
(පාරිභා.) නා.ප්‍ර. අදාළ බැංකුවෙන් හෝ ඊට අනුබද්ධ බැංකු ශාඛාවකින් මුදල් ගෙවිය හැකි වන සේ නිකුත් කරන චෙක්පත.
වෝටර් පික්චර්
(පාරිභා.) නා.ප්‍ර. වතුරෙන් තෙමා පොතක හෝ කොළයක අලවා ආපසු ගත්විට පින්තූරය පොතේ හෝ කොළයේ රැඳී සිටින කුඩා පින්තූර විශේෂය.
වෝට්සෙලා
(පාරිභා.) නා.ප්‍ර. එක් තැනක පල් වන ජලයේ දක්නට ලැබෙන සීනු හැඩය ඇති ක්ෂුද්‍ර ජීවියෙක්.
වෝඩ් මුලාදෑනියා
(පාරිභා.) නා. ආරෝග්‍ය ශාලාවක වාට්ටුව රැකබලා ගන්නා ප්‍රධාන ආරක්ෂක නිලධාරියා.
වෝදනා
වි. කෙළෙස්වලින් මිදුණු ; පවිත්‍ර.
වෝදාන චිත්තය
නා. දෙවැනි තුන්වැනි සතරවැනි මාර්ග චිත්ත වීථියෙහි පහළ වන සිත.
වෝපනය
නා. මෙහෙය ; සහාය ; උදවුව.
වෝප්
(පාරිභා.) නා.ප්‍ර. රෙදි වියනු ලබන, රෙද්දක හරස් නූල් කතිරය මෙන් තිබෙන්ට සලස්වනු ලැබීම සඳහා දික් අතට ඇදුණු නූල ; නූල් හැදය.
වෝප්බීම්
(පාරිභා.) නා.ප්‍ර. නූල් හැදය ඔතන කඳ ; වට කඳ.
වෝපිං
(පාරිභා.) නා.ප්‍ර. රෙදි විවීමේදී නූල් හැදයක් සෑදීමට නූල් දික් ගැසීම.
වෝල්ටය
(පාරිභා.) නා. විද්‍යුත්ගාමක බල ඒකකය.
වෝල්ටයික කෝෂය
(පාරිභා.) නා. විද්‍යුත් විච්ඡේදයක් සමඟ ස්පර්ශව ඇති ඇනෝඩ හා කැතෝඩ යන ඉලෙක්ට්‍රෝඩ දෙක අතර විභව අන්තරයක් ඇති කර විද්‍යුත්ගාමක බලයක් නිපදවන කෝෂය.
වෝල්ටාමානය
(පාරිභා.) නා. විද්‍යුත් ධාරාව මැනීමේ උපකරණ විශේෂයක්.
වෝල්ටීයතාව
(පාරිභා.) නා. වෝල්ට්වලින් දැක්වෙන විද්‍යුත් ගාමක බලය.
වෝහාර දේසනාව
නා. දෙ වැදෑරුම් බුද්ධ දේශනාවලින් එකක් ; ව්‍යවහාරය අනුව කරන දෙසුම ; සූත්‍ර පිටකයේ අඩංගු වන ක්රමයේ දේශනා.
වෝහාර මණ්ඩලය
නා. ආණ්ඩුවේ ව්‍යවහාර නීතිරීති කඩ කිරීම නිසා හට ගත් නඩු විමසන මණ්ඩලය.