සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1602
වෛෂ්ණවයා
නා. විෂ්ණු භක්තිකයා ; විෂ්ණු දෙවි අදහන්නා.
වෛෂ්ණවාවලිය
නා. විෂ්ණු දෙවි හා සම්බන්ධ අවතාර (වේශ) දහය.
වොජ් ඉවුර
(පාරිභා.) නා. ශ්‍රී ලංකාවේ මුහුදේ මන්නාරම් බොක්කට බටහිරින් පිහිටි උස් වූ ප්‍රදේශයක්.
වොට් තුලාව
(පාරිභා.) නා. විද්‍යුත් ඒකක බර මනින (වොට්ගේ) තරාදිය.
වොට් ප්‍රමාණය
(පාරිභා.) නා. විදුලි ධාරාවක් ගමන් කරන වේගයේ ප්‍රමාණය.
වොට් පැය
(පාරිභා.) නා. එක වොටයක් පැයක් වැඩ කිරීමෙන් කෙරෙන කාර්යයට සමාන විද්‍යුත් ශක්ති (බල) ඒකකය.
වොට් මානය
නා. විදුලි ශක්තියේ ප්‍රමාණය මැනීම සඳහා යොදන උපකරණය ; වොට් මාපකය.
වොට් හීනධාරාව
(පාරිභා.) නා. අවම ප්‍රමාණයකින් ගලා යන විද්‍යුත් ධාරාව.
වොටුන්න
නා. රජුගේ නිල සංකේතය වන අලංකාර හිස් පළඳනාව ; ඔටුන්න ; කිරීටය.
වොටුම
නා. මල් කෙමිය.
වොඩ්කා
(පාරිභා.) නා.ප්‍ර. රයි නම් ධාන්‍යයෙන් පෙරා ගන්නා, බ්‍රැන්ඩි මෙන් සැර වූ මද්‍යසාරයක්.
වොඩින්
(පාරිභා.) නා.ප්‍ර. බිඳෙන සුළු බඩු ඇසිරීමේදී ඒවා එකිනෙකට හැපී බිඳෙනු වැළැක්වීම සඳහා අතරට යොදන (පුළුන් හෝ ලොම්වලින් යුත්, වතුර බීගන්නා) ද්‍රව්‍යයක්.
වොපරි
නා.ප්‍ර. ඉස බඳින පටි ; තලප්පාව ; තොප්පි.
වොම්බාටාවා
(පාරිභා.) නා. ඕස්ට්‍රේලියාවේ වසන කැන්ගරුන් හා සමාන, ක්ෂීරපායී ගණයට අයත් සතෙක්.
වොයිල්
(පාරිභා.) නා.ප්‍ර. අඩක් විනිවිද පෙනෙන ඉතා සියුම් කපු හෝ ලෝම රෙදි වර්ගයක්.
වොරජන
වි. විරාජමාන ; බැබළෙන.
වොලට්ටුව
(පාරිභා.) නා. මෙවලම් දැමීම සඳහා භාවිත කරන කුඩා පෙතැලි පසුම්බිය ; කොපුව.
වොලන්ටියර්
(පාරිභා.) නා.ප්‍ර. සිය කැමැත්තෙන් යම් කටයුත්තක් භාරගන්නා තැනැත්තා ; යුද්ධ හමුදාවට හෝ අනෙකුත් සේවාවලට ස්වෙච්ඡාවෙන් ඇතුළත්වන්නා.
වොලබියා
(පාරිභා.) නා. කැන්ගරු වර්ගයේ කූඩා සතෙක්.
වොල්කනයිස් කරනවා
(පාරිභා.) ක්‍රි. රබර් හා ගෙන්දගම් මිශ්‍රණ එකට උණු කොට සාදන සංයෝගයකින් (ටයර් ආදි රබර් භාණ්ඩ) පාස්සනවා.
වොල්ටීය විදුලිය
නා. වෝල්ට් වලින් විස්තර කළ හැකි විද්‍යුත්ගාමක බලය.
වොලිබෝල්
(පාරිභා.) නා.ප්‍ර. හය දෙනා බැගින් වූ පිල් දෙකක්, මැද ඇති උස් දැලක් දෙපැත්තේ සිට හුළං පිරවූ ලොකු බෝලයක් අත්වලින් ගැසීමෙන් කරන ක්‍රීඩාවක් ; අත්පන්දු.
වොලො
නා.ප්‍ර. කොල්ලකාගත් දෙය ; විලෝපය.
වොලො ගන්නවා
ක්‍රි. පැහැර ගන්නවා ; මංකොල්ල කනවා.