සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1608

ශත්‍රැ

වි. සතුරු ; විරුද්ධකාර.
නා.ප්‍ර. සතුරා ; විරුද්ධකාරයා.

ශත්‍රැග්‍රහණය

නා. සතුරන් අල්ලා ගැනීම.

ශත්‍රැචක්‍රය

නා. සතුරු සමූහය ; සතුරු හමුදාව.

ශත්‍රැමථනය

නා. සතුරන් මැඩීම ; සතුරන් පැරදවීම.

ශතාංශක ක්‍රමය

නා. අංශක සියයේ ක්‍රමය ; සෙන්ට්‍රිගේඩ් ක්‍රමය.

ශතාංශය

නා. සියයෙන් කොටස ; සියයෙන් පංගුව.

ශතාක්ෂ

වි. ඇස් සියයක් ඇති.

ශතාබ්දය

නා. අවුරුදු සියය ; සියවස ; ශතවර්ෂය.

ශතායුෂ්කයා

නා. අවුරුදු සියයක් ආයුෂ ඇති තැනැත්තා.

ශතාර්හ

වි. සියයක් වටිනා ; සියයක් අගනා.

ශනි

1. නා.ප්‍ර. සෙනසුරු ග්‍රහයා.
2. ශනි ග්‍රහයාට අයත් දිනය ; සෙනසුරාදා.

ශනිදින

නා.ප්‍ර. සෙනසුරු ග්‍රහයාට හිමි දිනය ; සෙනසුරාදා.

ශපථය

නා. දිවුරා කරන ප්‍රකාශය ; දිවිරීම.

ශබරයා

1. නා. වනාන්තරවල කඳුකර පෙදෙස්හි වෙසෙමින් දඩයමින් ජීවත් වන මනුෂ්‍ය වර්ගයක් ; ම්ලේච්ඡයා ; වැද්දා.

ශබරාඞ්ගනාව

[ශබර + අඞ්ගනාව]
නා. වන ප්‍රදේශයන්හි වෙසෙන ස්ත්‍රිය ; වැදි ගැහැණිය.

ශබ්ද කල්පද්‍රැම

නා.ප්‍ර. සංස්කෘත කෝෂ ග්‍රන්ථයක නාමය.

ශබ්ද ග්‍රාහකය

(පාරිභා.) නා. හඬ ලබාගන්නා යන්ත්‍රය ; ශබ්දය රඳවා ගන්නා උපකරණය.

ශබ්ද තරංගය

නා. ශබ්දය එක් දිශාවකට ගමන් කරවීමට හේතුවන වායු තරලයක අභ්‍යන්තර අංශු චලනය නිසා ඇතිවන රැල්ල.

ශබ්ද දෝලනය

නා. ශබ්ද හටගැනීමට හේතුවන චලනය.

ශබ්ද දෝෂ

නා.ප්‍ර. (සංගී.) ශබ්දයෙහි දොස් ; ශබ්දයෙහි පවත්නා අමනෝඥ ස්වරූපය.

ශබ්ද ධර්මය

නා. (ව්‍යාක.) භාෂාවක නිවැරදි භාවිතය පිළිබඳ න්‍යායය ; ශබ්ද රීතිය.

ශබ්ද ධ්වනිය

නා. කාව්‍යයක රසභාව පෝෂණය කරන අක්ෂරයන්ගේ ද සංඝටනාවෙන් ඇතිවන ව්‍යංග්‍යය ; ශබ්දාලංකාරය.

ශබ්ද ධාතු

නා.ප්‍ර. සත්ව පුද්ගලාදීන් තොර ධාතු මාත්‍රයක් වූ ශබ්දය.

ශබ්ද පරිණාමය

නා. වචනවල උපත හා විකාශනය.