සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1626

ශාසනවිලෝමය

නා. බුද්ධ ධර්මයට පටහැනි මත ආදිය ඇති කිරීම.

ශාසනසම්පදාව

නා. ශාසනයට අයත් චාරිත්‍ර ; පිළිවෙත.

ශාසනස්ථානය

නා. අනුශාසනය කරන ස්ථානය ; විචාරන තැන.

ශාසනහර

නා.ප්‍ර. සන්දේශයක් ගෙන යන්නා ; දූතයා.

ශාසනාචාර්ය

නා.ප්‍ර. (බුදු) සසුනේ ආචාර්යවරයා ; බුදුන් වහන්සේ.

ශාසනාධිකාරය

නා. තමන්ගේ අනුශාසකයන්ට යටත්ව පැවතීම ; රාජ්‍ය පාලන බලය.

ශාසනාභිරතිය

නා. සසුන කෙරෙහි ඇති ඇල්ම.

ශාසනාවතාර

වි. සසුනට ඇතුළත් වූ.

ශාසනික

වි. ශාසනයට සම්බන්ධ වූ ; සසුනෙහි වූ.

ශාස්ත්‍ර

1. නා.ප්‍ර. අනුශාසනය කරන්නා ; අනුශාසකයා.
2. ආගමික කතුවරයා.
3. බුදුරජාණන් වහන්සේ.

ශාස්ත්‍ර කාරකයා

නා. ලේඛකයා ; ගත් කතුවරයා.

ශාස්ත්‍රකාරයා

නා. අතබලා (හෝ වෙනත් ක්‍රමයකට) ග්‍රහඵල කියන්නා ; පේන කියන්නා.

ශාස්ත්‍රගණ්ඩය

නා. යම්කිසි දෙයක් ගැන ඇති අල්ප දැනුම ; සුළු දැනුම.

ශාස්ත්‍රඥයා

නා. ශිල්ප ශාස්ත්‍ර උගත් තැනැත්තා ; පඬිවරයා ; සුවිශේෂ දැනුමක් ඇත්තා.

ශාස්ත්‍රපති උපාධිය

නා. ප්‍රථම කලා උපාධියට අනතුරුව ලබාගන්නා පශ්චාත් උපාධිය.

ශාස්ත්‍රය

1. නා. යම් විෂයක් හදාරා ලබන දැනුම ; විද්‍යාව ; උගතමනා දෙය ; ශිල්පය.
2. උපදෙස් ගැනීමට ඉවහල් වන ග්‍රන්ථය.
3. ජ්‍යෝතිෂ් ශාස්ත්‍රයට අනුව කියන පලාපල.

ශාස්ත්‍රලෝචන

වි. ශාස්ත්‍ර නමැති ඇස් ඇති ; ශාස්ත්‍ර උගත්.

ශාස්ත්‍රවේදී උපාධිය

නා. විශ්ව විද්‍යාලයකින් පිරිනැමෙන ප්‍රථම කලා උපාධිය.

ශාස්ත්‍රාචාර්ය

වි. ශාස්ත්‍රවේදී උපාධිලත්.

ශාස්ත්‍රාදානය

නා. පහරදීම සඳහා අවි ගැනීම ; සන්නද්ධ වීම.

ශාස්ත්‍රාන්තරය

නා. වෙනත් ශාස්ත්‍ර ; බාහිර ශාස්ත්‍ර ; වෙනත් විද්‍යා.

ශාස්ත්‍රීය

වි. ශාස්ත්‍රය සම්බන්ධ ; ශිල්ප ශාස්ත්‍රයට අනුකූල.

ශාස්ත්‍රීය සංග්‍රහය

1. නා. ශාස්ත්‍රීය ලිපි එක් කොට සැකසූ ග්‍රන්ථය.
2. ශාස්ත්‍රීය ලිපි-ලේඛන, සාකච්ඡා, ගීත හා සංගීතාදිය ඇතුළත් වැඩසටහන.

ශාස්ත්‍රෝක්ත

වි. ශාස්ත්‍රයෙහි කියන ලද ; ශාස්ත්‍රයෙහි සඳහන්.