සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1625

ශාලාක්‍ය

නා.ප්‍ර. ආයුර්වේදයෙහි අංග හෙවත් ශාඛා අටෙන් එකක් ; දසරුවෙන් (ගෙලෙන්) ඉහළ පාර්ශ්වයෙහි රෝග ශමනය හා ආශ්‍රිත ආයුර්වේද තන්ත්‍රය.

ශාලාකියා

1. නා. ශල්‍ය වෛද්‍යවරයා.
2. ශල්‍යයක් හෙවත් හෙල්ලක් අතින් ගත් භටයා.

ශාලාරාණිය

(පාරිභා.) නා. ශක්තිය පිරිහීගෙන යන වයස ; අවුරුදු හතළිස් පහත් හැටත් අතර වයස.

ශාලාව

1. නා. විශාල පිරිසකට 1 වුව ද එක විට රැස් විය හැකි පරිදි කොටස්වලට නොබෙදා ඉදිකරන ලද ගොඩනැගිල්ල.
2. සාලය ; අමුත්තන් පිළිගැනීමාදිය සඳහා ගෘහයක වෙන් කර ඇති කොටස.

ශාලාවලය

නා.ප්‍ර. පවුර ; ප්‍රාකාරය.

ශාලි

වි. ඇති ; යුක්ත. නා.ප්‍ර. ගොඩ ඉඩම්වල වපුරන ඇල් වී.

ශාලි මාංශෝදනය

නා. මස් ව්‍යංජනය සහිත ඇල්හාල් බත.

ශාලිකා

නා.ප්‍ර. සැළලිහිණියා.

ශාලිගෝපිකා

නා.ප්‍ර. ශාලි හෙවත් හැල් කෙත් රකින්නී.

ශාලිහෝත්‍ර

1. නා.ප්‍ර. අශ්වයනට කරන වෙදකම.
2. අශ්වයා.

ශාලුර

නා.ප්‍ර. මැඩියා ; ගෙමැඩියා.

ශාලෝද්‍යානය

නා. සල් ගස් බහුලව වැඩෙන උයන.

ශාවක

නා.ප්‍ර. පැටියා ; ළපටි සතා.

ශාවිකාව

නා. වින්නඹු ස්ත්‍රිය.

ශාශ්වත

වි. නිත්‍ය ; සදාකාලික.

ශාශ්වත දෘෂ්ටිය

නා. සියලු දේ නිත්‍ය යැයි ද සදාකාලික යැයි ද පැවසෙන දෘෂ්ටිය ; ලෝකය සදාකාලිකය යන මතය.

ශාශ්වතවාදියා

නා. ශාස්වත වාදය ; සදාකාලික ආත්මයක් ඇතැයි යන මතය විශ්වාස කරන්නා.

ශාසකයා

නා. අනුශාසනා කරන තැනැත්තා ; උපදේශකයා.

ශාසනකණ්ටක

වි. බුද්ධ ශාසනය විනාශ කරන ; සසුනට හානි කරන.

ශාසනත්‍රය

නා. ශීල, සමාධි, ප්‍රඥා යන තුන් වැදෑරුම් ශාසනය.

ශාසනද්වය

නා. ප්‍රතිපත්ති ප්‍රතිවේධ යන වශයෙන් ද්විභේද වූ බුදු සසුන.

ශාසනපත්‍ර

1. නා.ප්‍ර. හසුන්පත ; ලියුම ; සන්නස.
2. ආඥාපත්‍රය ; අධිකාර පත්‍රය.

ශාසනය

1. නා. බුදුන්වහන්සේ විසින් දේශනා කරන ලද සද්ධර්මය ඇතුළත් සසුන.
2. අනුශාසනාව ; අවවාදය.
3. සන්දේශය ; හසුන.
4. ආඥාව ; අණ.

ශාසනරාජ්‍යය

නා. දෙවියන්ගේ හා දේවාගමේ නායකත්වයෙන් යුත් රාජ්‍යය ; දේවාධිරාජ්‍යය.