සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1624

ශායික

වි. ශයනය කරන ලද්දා වූ.

ශාරද

1. වි. සරත් කාලයෙහි වූ ; සරත් සෘතුවට අයත්.
2. විලිබිය ඇති ; විනීත.
1. නා.ප්‍ර. විශාල ලෙස අතුපතර විහිද යන රුක්අත්තන ගස.
2. වාග් දේවිය ; සරස්වතිය.

ශාරද්‍යය

නා.ප්‍ර. බිය.

ශාර්කරිල

නා.ප්‍ර. මුත්‍ර ශර්කරා ; මුත්‍ර ශර්කරා වැඩිවීමෙන් වන ව්‍යාධිය.

ශාර්දුල

වි. උතුම් ; ශ්‍රේෂ්ඨ.

ශාර්දුල වික්‍රීඩිත

නා.ප්‍ර. එක් එක් පාදයෙහි අකුරු හෙවත් වර්ණ එකුන්විස්ස බැගින් යුක්ත වූ අතිධෘති නම් වූ ඡන්දසට අයත් වෘත්තය.

ශාර්දුලයා

නා. ව්‍යාඝ්‍රයා.

ශාර්වරි

නා.ප්‍ර. රාත්‍රිය ; රැය.

ශාර්වරින්ද්‍ර

නා.ප්‍ර. රාත්‍රියෙහි අධිපතියා ; චන්ද්‍රයා.

ශාරි ඵලකය

නා. දාම්ලෑල්ල.

ශාරික

1. නා.ප්‍ර. සැළලිහිණියා.
2. (සංගී.) තත් සහිත වාද්‍ය භාණ්ඩයක් වාදනය කිරීමට උපයෝගී කර ගන්නා දණ්ඩ.

ශාරීර පරිචය

නා. ශරීරයේ අස්ථි, ශිරා, ධමනි ආදියෙහි නිර්මාණය, ආකෘතිය, සංඛ්‍යාව, සංස්ථාන, ඝටනාදි ප්‍රභේද උගන්වන විද්‍යාව.

ශාරීර ව්‍යාපාර විද්‍යාව

නා. ගස්වැල් ආදිය ජීවත්වීම සඳහා පවත්වාගෙන යන ජීව ක්‍රියාවලිය.

ශාරීර විඥානය

නා. ජීවීන් ස්වකීය ජීව ක්‍රියාවලි පවත්වාගෙන යන ආකාර පිළිබඳ අධ්‍යයනය ; භෞතවේදය.

ශාරීරක

නා.ප්‍ර. ශරීරයේ දොස් නිසා හටගන්නා වෘණ ආදිය.

ශාරීරික

වි. ශරීරය පිළිබඳ වූ හෝ ශරීරයට අයත් ; කායික.

ශාරීරික චෛත්‍යය

නා. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට සාදන ලද ස්තූපය.

ශාරීරික ධර්මවිද්‍යාව

නා. ශරීරය ක්‍රමවත් ව පැවැත්වීමට ඉවහල් වන ආචාර විචාර පද්ධතිය ඇතුළත් ඉගැන්වීම.

ශාරීරික විද්‍යාව

නා. ජීවීන් තම ජීව ක්‍රියාවලි පවත්වාගෙන යන ආකාරය පිළිබඳ විද්‍යාව ; භෞතවේදය.

ශාරීරිකාචාරය

1. නා. ශරීරයේ පැවැත්ම.
2. ශාරීරික වශයෙන් යහපත් වන හැසිරීම.

ශාල

නා.ප්‍ර. වෘක්ෂයක නාමය ; සල්ගස.

ශාලක

1. නා.ප්‍ර. ශාලාව.
2. වෘක්ෂය.

ශාලවන

නා.ප්‍ර. සල් ගස් අධික වනය.

ශාලාක පුරුෂයා

නා. මහා පුරුෂයා ; ශ්‍රේෂ්ඨ පුරුෂයා.