සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1623
ශාන්ත ප්‍රවෘත්තිය
නා. සන්සුන් පැවැත්ම ; කලබල නැති ස්වභාවය.
ශාන්තාඞ්ග
නා.ප්‍ර. සන්සුන් ගති ගුණ ; ශාන්ත අවයව.
ශාන්ති ජලය
නා. සෙත ගෙන දෙන ජලය ; ශාන්තිකර්ම විධියෙන් පවිත්‍ර කළ පිරිත් පැන් ආදිය.
ශාන්ති පද ඤාණය
නා. නිවන් අරමුණු කරගත් ඥානය.
ශාන්ති පීඨය
නා. ග්‍රහශාන්ති කර්මවල දී දෙවියන් සඳහා පූජා ද්‍රව්‍ය තබන ආසනය ; පූජාසනය.
ශාන්ති පූජාව
නා. සැනසීම පතා දෙවියන්ට කරන පූජාව.
ශාන්තිකර
වි. යහපතක් ගෙන දෙන ; සෙත සලසන.
ශාන්තිකර්මය
නා. අපල දුරුකිරීම සඳහා කරනු ලබන යාග විධිය.
ශාන්තිදානය
නා. යහපතක් ගෙනදීම ; සෙත සැලසීම.
ශාන්තිපුරය
නා. සැනසීම ගෙන දෙන ස්ථානය ; නිර්වාණය.
ශාන්තිය
1. නා. යහපත ; සෙත.
2. නිර්වාණය.
ශාන්තිවාදි
වි. සෙත කියාපාන ; යහපත සලසන ; නිවුණ.
ශාන්තුවරයා
නා. (ක්‍රිස්ති) ශුද්ධවන්තයා ; අති-පූජ්‍යත්වයට පත් උත්තමයා ; සාන්තුවරයා.
ශාපග්රස්ත
වි. ශාප වැදුණු ; ශාපයට යට වූ ; ශාප ලත්.
ශාපය
නා. විපතක් වේවායි පැතීම ; අවලාදය ; හැවිල්ල ; දෙස්-දෙවොල් ; අනර්ථකර ප්‍රාර්ථනාව.
ශාබ
නා.ප්‍ර. පැටවා ; පෝතකයා.
ශාබ්දා ඥානය
1. නා. වියරණ දැනුම.
2. ශබ්ද ශ්‍රවණයෙන් ලබන දැනුම.
ශාබ්දික
වි. ශබ්ද ලක්ෂණ පිළිබඳ ; ව්‍යාකරණ පිළිබඳ.
ශාබ්දිකයා
නා. ශබ්ද ශාස්ත්‍රය දන්නා ; ශබ්ද විද්‍යාඥයා ; ව්‍යාකරණඥයා.
ශාම
1. නා.ප්‍ර. සංසිඳවීම ; ක්ෂමනය.
2. සංගීතයේ රාග තාලයක්.
3. තද කොළපාට ; තද කළුපාට ; අඳුරුපාට.
ශාමක
1. වි. සුව කරන ; සැනසුම දෙන.
2. ක්‍රියාකාරී ; ක්‍රියා කරවන.
ශායකය
නා. ඊතලය ; ඊය.
ශායනය
නා. රෝග අනුව වෙන් වෙන් වශයෙන් රෝගීන් පරීක්ෂා කොට බෙහෙත් නියම කරන ස්ථානය.
ශායනික ආවරණ
නා.ප්‍ර. ශායනය පිළිබඳ සියලු සැලසුම් හා උපකරණ ආදිය.