සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1629
ශිරජ
1. නා.ප්ර. හිසෙහි හටගත් දෙය ; හිසකෙස් ; ඉසකේ.
2. ඉස්හොරි.
ශිරස
1. නා. හිස ; ඉස ; සිරස.
2. ප්රධානියා.
ශිරස් අක්ෂය
(පාරිභා.) නා. තලයක ලක්ෂ්යයක් තිබෙන තැන සෙවීමේ දී උතුරේ සිට දකුණට අඳින රේඛාව ; සමමිතික මධ්ය රේඛාව.
ශිරස් කෝණය
(පාරිභා.) නා. පාදය ඉදිරියෙන් පිහිටා ඇති කෝණය.
ශිරස් ඛණ්ඩය
(පාරිභා.) නා. දුර ප්රමාණය මැනීමේ දී එය ශිරස් ඛණ්ඩයක් ඡේදනය කරන අක්ෂයකට සමාන්තර ව යන සෘජු රේඛාව.
ශිරස් දිශාව
(පාරිභා.) නා. හරි කෙළින් පිහිටි දිශාව ; ප්රතිවිරුද්ධ දිශාව.
ශිරස් රේඛාව
(පාරිභා.) නා. හරි කෙළින් උතුරේ සිට දකුණට, ඉහළ සිට පහළට ඇති රේඛාව ; ලම්බක සෘජු රේඛාව.
ශිරස් ලක්ෂ්යය
(පාරිභා.) නා. නරඹන්නාගේ හිසට හරි කෙළින් බගෝලයෙහි පිහිටි ලක්ෂ්යය ; ශිරෝබිංදුව.
ශිරස් වෘත්තය
(පාරිභා.) නා. කෙළින් සිටි කවය ; සිරස් ව පිහිටි වෘත්තය.
ශිරස් හරස්කඩ
නා.ප්ර. යම් වස්තුවක් ඉහළ සිට පහළට කැපූ හරස්කඩ.
ශිරස්ක අර්පනය
(පාරිභා.) නා. මව් කුසින් බිහිවීමට සිටින භ්රෑණයේ දික් අක්ෂය මවගේ දික් අක්ෂයට දක්වන සම්බන්ධය ; පළමුකොට බිහිවීමට සූදානම් ව පවතින ඉරියවුව.
ශිරස්කය
1. නා. මව් කුසින් බිහිවීමට සූදානම් ව සිටින දරුවාගේ හිසේ මුදුන් ස්ථානය ; හිස් මුදුන.
2. ඕකිඩ් මලක ඇති වන පරාග අඩංගු හිස්වැස්මක් වැනි උපකරණය ; පරාගධානි කොපුව ; ගේලියාව.
ශිරස්ත්රාණය
නා. හිස් වැස්ම ; තොප්පිය ; තලප්පාව.
ශිරස්තාලුව
නා. හිසෙහි වූ තෙල් වල ; හිසෙහි පසුපස කොටස.
ශිරස්ථ
වි. ප්රධාන ; මූලික.
ශිරස්ථයා
නා. මූලිකයා ; ප්රධානියා.
ශිරා ප්රණාලය
(පාරිභා.) නා. ශරීරයේ ලේ ගමන් කරන සිදුරු.
ශිරා මුඛය
නා. ශිරා නාලයට ලේ උරාගන්නා විවරය.
ශිරාකෝෂ
නා.ප්ර. හෘදය වස්තුවෙහි වූ සිවු වැදෑරුම් වූ කෝෂ සතරින් ඉහළින් පවතින යුගල ; ඌර්ධව කක්ෂය.
ශිරාඛණ්ඩනය
(පාරිභා.) නා. ලේ ඉවත් කිරීම සඳහා ශිරාවක් විවෘත කිරීම.
ශිරාගුටිකාරෝධය
නා. ශිරා ගැට ගැසීමේ රෝගය වැළැක්වීම.
ශිරාරුධිරාශය
නා. පහත් පෘෂ්ඨවංශීන්ගේ හෘදයෙහි ශිරා හා හෘත් කර්ණිකා අතර තිබෙන තුනී භිත්ති සහිත ව බොහෝ සේ විශාල ව ගිය කොටසක්.
ශිරාලක්ෂණ
නා.ප්ර. පොළොවෙහි ජලශිරා පිහිටීමේ ලක්ෂණ.
ශිරාව
නා. ශරීරයේ විවිධ කොටස්වලින් හෘදය කරා අපිරිසිදු ලේ ගෙනයන නහරය.