සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1628
ශිඛර කෝණය
(පාරිභා.) නා. තුඩ සහිත කොන ; උල්වූ කෝණය.
ශිඛරය
1. නා. මුදුන ; මස්තකය ; අග්රය.
2. (පාරිභා.) මධ්ය ලක්ෂ්යයක සිට පිටතට අවපාතය වන විහිදී ගිය නැමුණු ස්තරය ; ගොඩනැගිලි මුදුනෙහි වූ ගෝලාකාර ශිඛරය.
ශිඛරිය
නා. කන්ද ; කඳුබල කොටුව.
ශිඛාකලාපය
නා. ගිනි සිළුව ; ගිනිදැල්ල ; ගිනි ජාලාව.
ශිඛාධරයා
නා. ශිඛාවක් හෙවත් සිළුවක් දරන්නා වන මොනරා ; ශිඛාවලයා.
ශිඛාප්රාප්ත
වි. මුදුන් පැමිණි : මස්තක ප්රාප්ත ; අග්රප්රාප්ත.
ශිඛාව
1. නා. ගිනිදැල්ල ; ගිනිසිළුව.
2. මුදුන ; මස්තකය ; හිස ; ශීර්ෂය.
3. කෙළවර ; අග්රය ; තුඩ.
4. හිසෙහි කුඩුම්බිය ; පළඳනාව.
5. කරමලය.
ශිඛි
1. නා.ප්ර. හිසෙහි කූඩුම්බියක් ඇත්තා වන මොනරා.
2. ගිනි දැල්ල ; ගින්න.
3. ඖෂධීය ශාඛයක නාමය.
4. කේතු ග්රහයා.
ශිඛී වාහනයා
1. නා. මොනරා වාහනය කොට ගත් කුවේරයා.
2. ස්කන්ධ කුමාරයා.
ශිත
1. වි. මුවහත් ; තියුණු.
2. තුනී ; කෙට්ටු ; කෘශ ; දුර්වල.
ශිතශූක
1. නා.ප්ර. වී නණ්ඩුව.
2. යව.
ශිතාක
නා.ප්ර. සීනි.
ශිති රත්නය
නා. නිල් කැටය ; ඉන්ද්රනීල මාණික්යය.
ශිතිකණ්ඨ
නා.ප්ර. මොනර ගෙලක් ඇත්තා වන ශිව දෙවිඳු හෙවත් ඊශ්වරයා.
ශිථිල
1. වි. බුරුල් ; ඉහිල්.
2. පහසු ; ලෙහෙසි.
3. සවි නැති ; දුර්වල.
ශිථිලකෝෂය
නා. ශාක පත්රයක පිහිටි සියුම් සිවි පස් වර්ගයෙන් එකක්.
ශිථිලතාව
නා. ලිහිල්බව ; පහසුව ; බුරුල.
ශිථිලසත්වාදය
(පාරිභා.) නා. අන්තයකට නොගිය ලිහිල් වූ යථාර්ථ නිරූපණය පිළිබඳ වූ දර්ශනය.
ශිථිලාක්ෂර
නා.ප්ර. ලිහිල් ව උච්චාරණය කෙරෙන (මොළොක්) අකුරු.
ශිපිවිෂ්ටයා
නා. හිසේ කෙස් නැති තැනැත්තා ; තට්ටයා.
ශිඵා වෘත්තය
(පාරිභා.) නා. පොළෝ මතුපිට හා යට රොද බැඳ ඇති මුල් බිස්ස.
ශිඵාව
නා. කෙඳි සහිත මූල.
ශිරඃකපාලය
නා. හිස් කබල ; ශීර්ෂ කපාලය.
ශිරඃසම්පුටය
නා. හිස් කබල.