සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1674
සකල ලෝක
නා.ප්ර. සියලු ලෝකය ; සියලු ලෝවාසියා.
සකලඞ්ක
වි. කැළැල් ඇති.
සකලඥේය මණ්ඩලය
නා. දැනගත යුතු සියලු පංචවිධ ධර්ම කොට්ඨාස.
සකලයා
(කථා.) නා. කුරුල්ලා ; පක්ෂියා ; සකුණයා.
සකලාඞ්ගය
1. නා. ශරීරය ; මුළු සිරුර.
2. සියලු අංග ; සියලු කොටස් ; සියලු අංශ.
සකලාන්තරය
නා.ප්ර. සියලු අනතුරු ; සියලු උවදුරු.
සකලාර්ථය
නා. සියලු වැඩදායක දේ ; අර්ථාන්විත සියල්ල.
සකලිකාග්නි
නා.ප්ර. ගල් පතුරෙන් උපන් ගින්න.
සකලිකාව
1. නා. ගල් පතුර ; ගල්කැබැල්ල.
2. ලී පතුර ; කැබැල්ල.
3. මසුන්ගේ කොරපොත්ත.
සකලෛශ්වර්යය
නා. සියලු ඉසුරුබව ; සියලු සම්පත්තිය.
සකලෞෂධ
නා.ප්ර. සියලු ඖෂධ.
සකවල්ලිය
නා. කමත අතුගාන උපකරණය ; බෝලත්ත.
සකවාදය
නා. ස්වකීය මතය ; ස්වපක්ෂයට අයත් මතය.
සකවාදියා
නා. ස්වකීය මතය ගත් තැනැත්තා ; ස්වපාක්ෂිකයා.
සකවි
සකසමය
නා. ස්වකීය ආගම ; ස්වකීය දර්ශනය.
සකස්
වි. මනා කොට කරන ලද ; පිළියෙල කළ ; සකස් කළ.
සකසිරුවම
(කථා.) නා. අරපරෙස්සම ; පිරිමැස්ම.
සකසේ
ක්රි.වි. මනාකොට ; මැනවින්.
සක් ඇටය
නා. (වෛද්ය.) ශංඛක අස්ථිය ; ගුල්වාස්ථිය.
සක් පඤ්චධූරය
නා. සක් පිඹීම ඇතුළු පංචතූර්ය වාදනය පිළිබඳ තනතුර.
සක් පඤ්චය
නා. ශංඛය ඇතුළු පංචතූර්ය භාණ්ඩ.
සක් බෙල්ලා
නා. සංඛය සිය ආවරණය සේ ගත් බෙල්ලා ; හක්බෙල්ලා.
සක්ක
1. නා.ප්ර. හකු ඇටය ; හක්ක.
2. ශක්රයා.
3. බිත්ති ආදිය බැඳීමේ දී මහ ගල් අතර අඩුවක් පිරවීම සඳහා තබන කුඩා ගල් ආදි කැබලි.