සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1675
සක්ක ගහනවා
ක්රි. පේළියක් ආදිය අතරට සුදුසු පරිද්දෙන් කුඩා ගල්පතුරු තබා තද කරනවා.
සක්ක මුක්කු
(කථා.) නා.ප්ර. හිස් තැන් පිරවීමට හා ආධාරකයක් වශයෙන් තැබීමට උපයෝගී කරගනු ලබන දෑ.
සක්කච්ච දානය
නා. සකසා දෙන දානය ; උතුම් දක්ෂිණාව.
සක්කට
වි. නරක ; වැදගත්කමක් නැති.
සක්කය
1. නා. යමක් තදින් ඇල්ලීමට හෝ සවි කිරීමට යොදන උපකරණය ; අල්ලුව.
2. සක්ක සඳහා ගැනෙන දැයින් එකක්.
සක්කර
1. නා.ප්ර. පිරිසිදු නොකළ කැට සීනි ; ශුද්ධ නොකළ උක්පැණියෙන් කළ හකුරු.
2. කුඩා ගල්කැට.
සක්කරම
1. නා. රෝදය ; චක්රය.
2. ළමා ක්රීඩාවක්.
3. පෘතුගීසි ඕලන්ද පාලකයන් දඬුවම් දීම සඳහා යොදාගත් වධක පෝරුව.
සක්කරු
නා.ප්ර. සක් පිඹින්නා.
සක්කලි
නා.ප්ර. කසළ සේදීම හා පාවහන් අලුත්වැඩියාව ආදිය වෘත්තිය කොටගත් එක්තරා ද්රවිඩ ජන කොටසක්.
සක්කාය
නා.ප්ර. ස්වකීය ශරීරය ; ආත්මභාවය.
සක්කායදිට්ඨිය
නා. රූපාදී පඤ්චස්කන්ධයෙහි මමය මාගේය යන හැඟීම ; ආත්ම දෘෂ්ටිය.
සක්කාර මද
නා.ප්ර. සැප සම්පත් ලැබීම නිසා ඇති වන මදය ; පුද්ගලයා මුළා කරවන අධික මානය.
සක්ඛර
1. නා.ප්ර. සකුරු ; සූකිරි.
2. ගල්කැට.
සක්ගෙඩිය
නා. හක්ගෙඩිය.
සක්ත
වි. ඇලුණු ; ආසක්ත.
සක්තල්ල
නා. සක්බෙලි කටුව ; මුතුබෙලි කටුව.
සක්තාසක්ත
1. වි. ඇලුණු ; තදින් ඇලුණු.
2. ඇලුණු හා නොඇලුණු.
සක්ති
නා.ප්ර. අඩයටිය.
සක්තු
නා.ප්ර. බැද කුඩු කරගත් යව හෝ සහල් ; අත්සුනු.
සක්ථිය
නා. කළවය ; ඌරුව.
සක්දුනු
නා.ප්ර. ශක්රයාගේ දුන්න සේ සැලකෙන දේදුන්න.
සක්දුර
නා.ප්ර. සක් පිඹීමේ ධුරය ; සක් පිඹින තනතුර.
සක්නැබ
1. නා.ප්ර. කරත්ත රෝදයක බොස්ගෙඩිය ; චක්රනාභිය.
2. ශක්රයාගේ නාභිය.
3. සුගන්ධ ද්රව්ය විශේෂයක්.
සක්පත
නා. සක්ගෙඩියකින් කපාගත් පෙත්ත ; හක්ගෙඩියේ පතුර.