සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1676
සක්පලඟය
නා. වටකුරු පලිහ ; සක්පලිහ.
සක්පහස
නා. අරමුණක් දෘෂ්ටි ඉන්ද්රියයෙහි ගැටීම ; චක්ෂු ස්පර්ශය.
සක්පාන
නා.ප්‍ර. සතුන් ඇල්ලීමට අටවන උගුලක්.
සක්පුර
නා.ප්‍ර. ශක්‍රයාගේ නුවර ; දෙව්ලොව.
සක්පොඩි
නා.ප්‍ර. සක්ගෙඩියක කැබැලි.
සක්මග
නා. රෝදය ගමන් කළ පාර ; චක්‍ර මාර්ගය.
සක්මන
නා. (සීරුවෙන්) ඔබමොබ යෑම ; (සෙමෙන් සෙමෙන්) එහා මෙහා ඇවිදීම ; විශේෂයෙන් යෝගාවචරයන් විසින් භාවනානුයෝගීව නියමිත දුර ප්‍රමාණයන් තුළ ඔබමොබ ඇවිදීම.
සක්මන් මළුව
නා. චඞ්කමණ මාලකය ; සක්මන් කිරීමට පිළියෙල කරන ලද දිග පෙතැලි භූමි භාගය.
සක්මන් හල
නා. සක්මන් කිරීම සඳහා විශේෂයෙන් සෑදූ ශාලාව.
සක්මුදු
නා.ප්‍ර. සක්ගෙඩිවලින් සාදන ලද මුදු.
සක්ලේශි
වි. සිත කිලුටු කරන ධර්මයන්ගෙන් යුත් ; කෙලෙස් සහිත.
සක්වළ
නා.ප්‍ර. චක්‍රවාටය ; ලෝක ධාතුව ; එක් සූර්ය මණ්ඩලයක ආලෝකය විහිදෙන ප්‍රමාණය තුළ පවතින භූගෝලීය වස්තුවලින් නිර්මිත සමස්තය.
සක්වළගබ
නා. සක්වළ ඇතුළත.
සක්වළල්ල
1. නා. කරත්ත රෝදය ; ගැල්සක.
2. සක් බෙලිකටු වලින් සෑදූ වළල්ල ; අතේ පළඳින ආභරණයක්.
සක්වා
1. නා.ප්‍ර. ජලචර පක්ෂි විශේෂයක් ; සක්වා ළිහිණියා ; චක්රවාකයා.
2. කාව්‍ය වෘත්තයක්.
සක්විති
1. නා.ප්‍ර. (පුරාණ සංකල්පය අනුව) සතර මහාද්වීපයෙහි ම අගතැන් පත් රාජාධිරාජයා ; චක්‍රවර්ති රජ.
2. රාජ්‍ය බොහෝ සංඛ්‍යාවක රාජ බලය සතු අධිරාජයා.
සක්විනැණ
නා.ප්‍ර. චක්ෂු ප්‍රසාදය රූපය හා ගැටුණු විට ඒ ඇසුරින් උපදින සිත ; චක්ඛු විඤ්ඤාණය.
සක්විමන්
නා.ප්‍ර. ශක්‍රයාගේ විමානය ; ශක්‍රභවන ; විජයොත්පාය.
සක්සුණු
නා.ප්‍ර. සක්බෙල්ලන් පුළුස්සාගත් අළු.
සක්සුද
1. නා. හක්ගෙඩියේ සුදුපාට ; පිරිසිදු සුදුපැහැය.
2. යමක් පැහැදිලි බව දැක්වීම සඳහා යෙදෙන උපමාවක්.
සක්සුරුකු
වි. රෝදවලට සමාන ; චක්‍රයක් බඳු.
සක්හෙළි
ක්‍රි.වි. (ඇසට) එක එල්ලේ ; සෘජුව ම.
සක්‍ර
නා.ප්‍ර. සක්දෙව්රජ.
සක්රම
වි. පිළිවෙළකට ඇති ; ක්‍රමවත්.