සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1698
සන්ධි අල්ලනවා
ක්රි. කැඩුණු ශරීර සන්ධියක් සවි වෙනවා.
සන්ධි කලාපය
(පාරිභා.) නා. (සත්ව.) සන්ධි වී ඇති ස්ථානය අවට ප්රදේශය.
සන්ධි කැප්සියුලය
(පාරිභා.) නා. (වෛද්ය.) ශරීර සන්ධිය වැසී ඇති කොපුව ; කෝෂය.
සන්ධි ජලාවරණ කලාව
(පාරිභා.) නා. ශරීරයේ සිදුරු සහිත ඉන්ද්රිය හා කෝටරද වැසී ඇති සියුම් සිවිය හෙවත් කලාව.
සන්ධි ප්රදාහය
(පාරිභා.) නා. (වෛද්ය.) හන්දිපත් ඉදිමීමේ රෝගය.
සන්ධි බීජාණුව
නා. (උද්භි.) මව් සෛලයෙන් වෙන් වී ඛණ්ඩනය වී සෑදෙන බීජාණුව ; ආත්රොස්පෝරය.
සන්ධි මිදුළු
නා.ප්ර. අස්ථි කුහරවල තිබෙන මොළොක් වූ මේද සහිත ද්රව්යය ; ඇට මිදුළු.
සන්ධි වදිනවා
ක්රි. ඉහිරී ගිය ශරීර සන්ධි නැවත එක් වෙනවා.
සන්ධිකාව
(පාරිභා.) නා. (සත්ව.) ශරීරයේ කුඩා සන්ධියක්.
සන්ධිච්ඡේදනය
1. නා. ගෙවල් බිඳීම; රාත්රි කාලයේ නිවෙස්වල බිත්ති බිඳ ඇතුළු වී සොරකම් කිරීම.
2. (ව්යාක.) වියරණ සන්ධි විධිය කැඩීම.
සන්ධිජලක්ලෝමය
(පාරිභා.) නා. (සත්ව.) ජලජ ජීවීන්ගේ සන්ධි වී ඇති ශ්වසන අවයවය ; කරමල.
සන්ධිප්රසංගය
නා. සමගි වීමෙහි කැමැත්ත.
සන්ධිප්රාවරය
(පාරිභා.) නා. සන්ධි කැප්සියුලය.
සන්ධිපාද සත්ත්වයා
(පාරිභා.) නා. (සත්ව.) ශරීර උපාංග සන්ධි සහිත වූ සත්ත්වයා ; පුරුක් වශයෙන් සෑදුණු අත් පා ඇති සතා.
සන්ධිපාදිකයා
(පාරිභා.) නා. සන්ධිපාද සත්ත්වයා.
සන්ධිපැනීම
නා. ශරීරාවයවයන්හි සන්ධියක් ඊට සම්බන්ධව තිබෙන කුහරයෙන් ඉවතට යාම.
සන්ධිබන්ධනය
නා. ශරීරාස්ථි එකට බැඳීම කරන පටක විශේෂය ; අස්ථි බන්ධනය.
සන්ධිබින්දුව
(පාරිභා.) නා. වෙනස්වන උෂ්ණත්වය පිළිබඳ සමෝෂ්ණ රේඛාවේ පීඩනයෙහි හා පරිමාවෙහි වෙනස්වන (අවධි) අගයවල් ඇති ලක්ෂ්යය ; චරම බින්දුව.
සන්ධිමත්
(පාරිභා.) වි. (උද්භි.) පුරුක් සහිත වූ.
සන්ධිමර්මය
නා. ශරීර සන්ධියේ දුර්වල ස්ථානය.
සන්ධිමුඛ
නා.ප්ර. රථාදියෙහි අවයව දෙකක් එකට සවි කිරීමේ දී සකස් කරගන්නා කුඩුම්බි තවුව.
සන්ධිය
1. නා. මාර්ග දෙකක් හෝ වැඩි ගණනක් එක්වන තැන.
2. අත් පා ආදියෙහි අස්ථි ශිරා පේශි නැමිය හැකි තැන.
3. දාගැබ් ආදියෙහි බැම්ම ගැළපූ තැන.
4. විවිධ පද එකිනෙක සම්බන්ධ කිරීමේ වියරණ විධියක්.
5. පුරුද්දාලූ තැන ; පිරිද්දීම.
6. අන්ය රජුන් හා ගිවිසුම් ඇති කරගැනීම; එක්සත් වීම ; සමාදානය.
7. වේලාව ; කාලය.
සන්ධිරේඛාව
(පාරිභා.) නා. (ගණිත.) ගණිතයේදී හෝ ලේඛනයේදී එක් ලක්ෂ්ය්යක් තවත් ලක්ෂ්යයකට සම්බන්ධ කරන රේඛාව.
සන්ධිරෝගය
(පාරිභා.) නා. (වෛද්ය.) ශරීර සන්ධි ඉදිමීමේ රෝගය ; වාත රෝගය.