සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1697
සන්දේශය
1. නා. ලියමන ; පණිවුඩය.
2. දැන්වීම ; ආරංචිය.
3. දූතයකු අත පණිවුඩයක්, ඉල්ලීමක් යවන නියායෙන් ලියන ලද කාව්ය විශේෂය.
සන්දේසි
නා.ප්ර. හමුවීම ; මුණගැසීම.
සන්දේහය
නා. සැකය ; ශංසය.
සන්දෝහ
නා.ප්ර. සමූහය ; රැස.
සන්ධ්යක්ෂර
සන්ධ්යාව
නා. දවසේ අපරභාගය ; සැන්දෑව ; සැඳෑව.
සන්ධාත්මක
වි. එකට සම්බන්ධ වූ ; එකට එක්කාසු වූ.
සන්ධාන
1. නා.ප්ර. සම්බන්ධය ; එක් කිරීම.
2. සත්ව ශරීරයේ ඇට කොටස් දෙකක් සන්ධිවීම ; හන්දි ගැන්වීම හා කිරීම.
3. සමාදානය ; ගිවිසුම.
සන්ධාන අක්ෂය
(පාරිභා.) නා. සත්ව ශරීරයේ ඇට සන්ධියේ අක්ෂය.
සන්ධාන අග්රය
නා. (සත්ව.) සත්ව ඇටයක ඇති කෙවෙණියට සවි වනු පිණිස අනෙක් ඇටයක ඇති සිනිඳු වටකුරු කෙළවර.
සන්ධාන කාටිලේජය
නා. සත්ත්ව ශරීරයේ සන්ධිවල තිබෙන කාටිලේජය.
සන්ධාන කීකසය
(පාරිභා.) නා. (වෛද්ය.) සන්ධාන කාටිලේජය.
සන්ධාන කුහරය
(පාරිභා.) නා. සත්ත්ව ශරීරයේ ඇට දෙකක් සන්ධිවීම සඳහා එක ඇටයක පිහිටි කුහරය.
සන්ධාන තලය
(පාරිභා.) නා. (සත්ව.) සත්ත්ව සන්ධියක මතුපිට.
සන්ධාන දෝෂය
නා. (ඡන්ද.) වැරදි ගැළපීම ; දෝෂ සහිත කාව්ය බන්ධනය.
සන්ධාන පටලය
(පාරිභා.) නා. (සත්ව.) ඇට සන්ධියක ඇති සිවිය.
සන්ධාන ප්රවාරය
(පාරිභා.) නා. සත්ත්ව ශරීරයේ ඇටයක් වසා සිටින තන්තුමය හෝ සිවියක් වැනි වැස්ම.
සන්ධාන ප්රසරය
(පාරිභා.) නා. (සත්ව.) සත්ත්ව ශරීරයේ ඇති සන්ධියක පිිහටි නෙරුණු කොටසක්.
සන්ධාරක
වි. දරා සිටින ; උසුලන.
සන්ධාරක පටකය
නා. (උද්භි.) හාක දේහයට ශක්තිය ගෙන දෙන්නා වූද බොහෝ විට ඝන බිත්තිවලින් යුක්ත වූද පටකය.
සන්ධාරණය
නා. දැරීම ; ඉසිලීම.
සන්ධාරය
නා. අන්තර්ගත ද්රව්යය ; පිරී තිබෙන ද්රව්යය.
සන්ධාවනය
නා. දිවීම ; ධාවනය.
සන්ධි අන්තරය
(පාරිභා.) නා. ශාකයක ගැට දෙකක් අතර වූ කොටස ; පුරුක.