සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1699
සන්ධිවිද්යාව
(පාරිභා.) නා. සන්ධි රෝග පිළිබඳ විද්‍යාව.
සන්ධිවිශ්ලේෂය
1. නා. ශරීර සන්ධි විභේදනය වීම.
2. (ව්‍යාක.) සන්ධි වූ පද වෙන් කිරීම.
සන්ධුක්ෂිත
වි. දැල්වුණු ; උද්දීප්ත.
සන්ධුත
වි. කම්පිත ; කම්පා කරන ලද.
සන්න
1. නා.ප්‍ර. ගැටලු පදවලට විවරණ සපයන ග්රන්ථ විශේෂය ; සන්‍යය ; ව්‍යාඛ්‍යානය.
2. සිහිකල්පනාව ; සිහිය.
3. සංඥාව ; අරමුණ හැඳිනගන්නා චෛතසිකය.
වි. ඇලුණු ; සැඟවුණු.
සන්නද්ධ
වි. යුද්ධයට සැරසුණු ; අවි අතට ගෙන සටනට සූදානම් වූ.
සන්නම
1. නා. භාණ්ඩයක වෙළඳ නාමය.
2. සුන් බුන්; කුඩා කැබලි.
සන්නමනය
(පාරිභා.) නා. උත්තේජක දිශාවට සම්බන්ධ නැතිව ශාකයක අවයවයක් නැමීම.
සන්නයන
වි. ගෙන යන ; සම්ප්‍රේෂණ කරන.
සන්නයනය
නා. (පාරිභා.) සම්ප්‍රේෂණය කිරීම ; ගෙනයෑම.
සන්නස්
නා.ප්‍ර. රජයෙන් ප්රදානය කළ දේ සහතික කෙරෙන රාජ මුද්‍රාව සහිත ලියවිලි ; සන්නස් පත්‍ර.
සන්නායක
(පාරිභා.) වි. තාපය, විදුලිය, උත්තේජ ආදිය ගෙන යා හැකි.
සන්නායක කුටීරය
(පාරිභා.) නා. සන්නායක බෙදා හරින මධ්‍යස්ථානය ; බලාගාරය.
සන්නායක පටකය
(පාරිභා.) නා. ශාකයක ආහාර හා ජලය ගෙන යන පටකය ; සනාල පටකය.
සන්නායකතාව
(පාරිභා.) නා. තාපය, විදුලිය, උත්තේජ ආදිය ගෙන යාමේ හැකියාව.
සන්නායකය
නා. තාපය, විදුලිය ආදිය ගෙන යාමේ බලය ඇති දෙයක්.
සන්නාලියා
1. නා. ඇඳුම් මහන්නා.
2. රෙදි වියන්නා.
සන්නාසියා
1. නා. පැවිදි තාපස කොට්ඨාසයක් ; පරිබ්‍රාජකයා.
2. තාපසයකු මෙන් වෙස් වළාගෙන සිටින තැනැත්තා.
සන්නාහය
1. නා. භටයන්ගේ හෝ යුද්ධ සඳහා ගෙන යන සතුන්ගේ යුද ඇඳුම.
2. (පාරිභා.) සතුන්ගේ ශරීර ආරක්ෂාවට ස්වභාව ධර්මයෙන් ලැබී ඇති කොරපොතු ආදියෙන් සෑදුණු දැඩි වැස්ම.
සන්නිකර්ෂණය
1. නා. ඉතා සමීප තත්ත්වයකට ගෙන ඒම ; සමීප සම්බන්ධතාව.
2. ඉන්ද්රියයන් හා ආලම්බනයන්ගේ ගැටීම.
සන්නිට්ඨානය
නා. සනිටුහන ; නිගමනය ; තීරණය.
සන්නිධානය
1. නා. ළං කොට තැබීම ; ඉතා සමීපය.
2. රැස්කර හෝ තැන්පත් කර තැබීම.
සන්නිපාතය
1. නා. එක්රැස් වීම ; එකතුවීම.
2. උණ රෝග විශේෂයක් ; උණ සන්නිපාතය.
සන්නිය
නා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගයක්.