සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1755
ස්කන්ධ ක්‍රියා නියමය
නා. ද්‍රව්‍යයක් ප්‍රතික්‍රියා වන ශීඝ්‍රතාව එහි සක්‍රීය ස්කන්ධයකට සමානුපාතික යැයි දැක්වෙන නියමය.
ස්කන්ධ කේන්ද්‍රය
නා. ස්කන්ධයක මධ්‍ය ලක්ෂ්‍යය.
ස්කන්ධ ධර්ම
නා.ප්‍ර. රූපාදී ස්කන්ධවල ස්වභාවය.
ස්කන්ධ නිර්වාණ
නා.ප්‍ර. පංචස්කන්ධයන් නැවත ඇති නොවීම ; පංචස්කන්ධය නැවත නූපදනා පරිද්දෙන් අභාවයට යාම ; පංචස්කන්ධයේ සසර පැවැත්ම අවසන් වීම.
ස්කන්ධ පඤ්චකය
නා. රූප, වේදනා, සංඥා, සංස්කාර විඥාන යන පඤ්චස්කන්ධය.
ස්කන්ධ පටිපාටිය
නා. පංචස්කන්ධයන් පහළ වීමේ අනුපිළිවෙළ ; කඳ පිළිවෙළ.
ස්කන්ධ පරිනිර්වාණය
නා. පංචස්කන්ධයන්ගේ බිඳී යෑම සමඟ නිවන් දැකීම.
ස්කන්ධ ප්‍රස්තාරය
නා. ගසක ප්‍රධාන කඳ හා අතු පතරේ කඳන්.
ස්කන්ධ පුෂ්පීයතාව
(පාරිභා.) නා. පරණ කඳේ සුප්ත අංකුරවලින් මල් හටගැනීම.
ස්කන්ධ බීජ
නා.ප්‍ර. කඳ පැලවෙන ශාක වර්ග.
ස්කන්ධ භේද දර්ශකය
(පාරිභා.) නා. ධන කිරණ වර්ණාවලියක් ලබාගත හැකි උපකරණයක්.
ස්කන්ධ භේදය
නා. පංචස්කන්ධයේ අභාවය.
ස්කන්ධ මාර
නා.ප්‍ර. පංච ස්කන්ධ නමැති මාරයා.
ස්කන්ධ ව්‍යුහය
(පාරිභා.) නා. ස්කන්ධ සමූහය.
ස්කන්ධ සංස්ථිති නියමය
(පාරිභා.) නා. රසායන පරීක්ෂණය කිරීමේ මූල ධර්මයක්.
ස්කන්ධ සන්තතිය
නා. පංච ස්කන්ධ පරම්පරාව.
ස්කන්ධක
නා.ප්‍ර. මහාවග්ග චූලවග්ග යන විනය ග්රන්ථ දෙකේ පරිච්ඡේද.
ස්කන්ධක වෘත්ත
නා.ප්‍ර. මහාවග්ග චූලවග්ග යන පොත් දෙකෙහි සඳහන් වතාවත්.
ස්කන්ධනය
නා. කැටි ගැසීම ; ස්කන්ධ ඝනීභවනය.
ස්කන්ධප්රතාන
(පාරිභා.) නා.ප්‍ර. ඇතැම් ශාක ඉහළ නැඟීම සඳහා උපයෝගී කරගන්නා ප්‍රතාන විශේෂයක නාමය.
ස්කන්ධය
1. නා. ගොඩ ; රාශිය.
2. කිසියම් වස්තුවක ඇති පදාර්ථ ප්‍රමාණය.
3. භාගය ; කොටස.
4. ශරීරය ; දේහය ; පංචස්කන්ධය.
5. ගසක කඳ ; පැළෑටියක හෝ ගසක අතු රිකිලි හැර ඉතිරි ප්‍රධාන කොටස.
6. උරහිස ; බෙල්ල ; ග්රීවය.
7. පොතක පරිච්ඡේදය.
ස්කන්ධරූහ
(පාරිභා.) වි. පැළෑටියක කඳ මත වැඩෙන.
ස්කන්ධාභය
(පාරිභා.) නා. පත්‍රයක් මෙන් පෙනෙන හා ක්‍රියා කරන පැතැලි ශාඛාවක්.
ස්කන්ධාවාර
1. නා.ප්‍ර. කඳවුර.
2. පැරණි සිංහල වංශයක නාමය ; කඳවුරු කුලය.