සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1756
ස්කන්ධාස්ථි
නා.ප්‍ර. අතමුල ඇටය.
ස්කන්ධීය
(පාරිභා.) වි. ස්කන්ධයට හෙවත් උද්භිද කඳට සීමා වූ.
ස්කන්ධීය කලාප
නා.ප්‍ර. කඳේ පටකවලින් පමණක් සෑදුණු සනාල කලාපයක්.
ස්කර්වී
නා.ප්‍ර. විටමින් සී හිඟකම නිසා අත්පා නාසය හා විදුරුමස් යන තැන්වලින් ලේ ගැලීම ඇති කරන රෝගයක්.
ස්ක්ලෙරෝටිය
(පාරිභා.) නා. දිලීර කෝෂ්ටය සප්ත අවස්ථාවක් වශයෙන් පවතින, සාමාන්‍යයෙන් කළු දිලීර සූතිකා ගුළියක්.
ස්කාකරය
නා. අරක්කු හෝ මත්පැන් පෙරන ස්ථානය.
ස්කාලට් උණ
නා.ප්‍ර. උගුර බැරැන්ඩි වීම සහ හමේ රතු පලු ඇති වීම සහිත බෝවෙන උණ රෝගයක්.
ස්කැන්ඩියම්
(පාරිභා.) නා. ලෝහමය මූල ද්‍රව්‍යයක නාමය.
ස්කිසෝප්රේණියාව
නා. සිතීම් දැනීම් හා ක්‍රියා අතර සම්බන්ධය නැති වීම ලක්ෂණ කොට ඇති උමතුවක් ; භින්න ප්රේණිතාව.
ස්කුරුප්පු ආමානය
(පාරිභා.) නා. කම්බියක විෂ්කම්භය වැනි කුඩා මානයක් මැනීම පිණිස භාවිත කරනු ලබන උපකරණයක්.
ස්කුරුප්පු දෑතුරය
නා. ස්කුරුප්පු කඳේ පොටවල් දෙකක් අතර ඇති දුර.
ස්කුරුප්පු පොට
නා.ප්‍ර. ඉස්කුරුප්පු ඇණයක දඟරාකාර කොටස.
ස්කුරුප්පුව
1. නා. පිටතින් දඟරාකාර පොටවල් කපන ලද ඇණය.
2. යම් භාජනයක රවුම් කට වටා බාහිරව ද, එහි පියනෙහි අභ්‍යන්තරව ද, ඒ එකිනෙක කරකැවීමෙන් තදව ගැළපෙන පරිදි කපන ලද දඟරය.
ස්කෘපල්
නා.ප්‍ර. ග්‍රේන් 20 ක බර ප්‍රමාණය.
ස්කොට්ලන්ඩ්යාර්ඩ්
නා.ප්‍ර. ලන්ඩනයේ පිහිටා ඇති අපරාධ පිළිබඳ සෙවීමේ විශේෂඥ කණ්ඩායමකින් සමන්විත ප්‍රධාන රහස පරීක්ෂක දෙපාර්තමේන්තුව.
ස්කොපොඩා
(පාරිභා.) නා.ප්‍ර. ද්විපාක්ෂික සමමිතික මෘද්වංගී වර්ගයක්.
ස්කෝප්ප
1. නා.ප්‍ර. කඩදාසි කූට්ටමේ වංශ හතරෙන් එකක නාමය.
2. පාත්ති ආදිය සඳහා පස් හැරීමට හෝ බුරුල් කිරීමට ගන්නා හැන්දක් ආකාර උපකරණය ; ඉස්කෝප්පය.
ස්කෝරියා
නා.ප්‍ර. ඇතුළත අධික සිදුරු සහිත යමහල් ලාවා විශේෂයක්.
ස්ඛලනය
1. නා. පැකිලීම ; පැටලීම.
2. වැරැද්ද.
3. වැටීම.
ස්ඛලිත
වි. පැකිළුණු ; ලිස්සුණු.
ස්ට්රුතියොනේස්
නා.ප්‍ර. පැස්බර වර්ගයට අයත් පියාඹීමට නොහැකි, දුවන කුරුල්ලන් අයත් වන ගණය.
ස්ට්‍රෙප්ටොකොකුස්
නා.ප්‍ර. පබළු ඇට පෙළක් මෙන් පවත්නා බැක්ටීරියා ගණයක්.
ස්ට්‍රෙප්ටොමයිසින්
නා.ප්‍ර. ස්ට්රෙප්ටොමයිසීස් ගිසියුස් වලින් ලබාගන්නා ක්ෂයරෝග ප්‍රතිකාරකයක් ලෙස භාවිත කරන්නා වූ ප්රතිජීවී ඖෂධයක්.
ස්ටාටරය
1. නා. මෝටර් රථයක එන්ජිම කරකවා ක්‍රියාත්මක කරන විදුලි උපකරණයක්.
2. ඇතැම් විදුලිබල්බ දැල්වීම සඳහා අවශ්‍ය මූලික ශක්තිය ඇති කර ගැනීමට භාවිත කරන කුඩා උපකරණයක්.
ස්ටැතස්කෝප්
නා.ප්‍ර. වෛද්‍ය නළාව.