සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1757
ස්ටැනයිට්
නා.ප්‍ර. (රසා.) තඹ යකඩ හා ගෙන්දගම් අඩංගු ඛනිජ විශේෂය.
ස්ටැනස් ක්ලෝරයිඩ්
නා.ප්‍ර. ද්විසංයුජ ටින් පිළිබඳ වූ අම්ලයක්.
ස්ටැන්සන් ප්‍රණාලය
නා. ඛේට ග්‍රන්ථියක් ආශ්රිත නාලයක්.
ස්ටැප්තැන්න
නා. ආසියාවේ වයඹ දිගින් රුසියාව හරහා විහිද යන්නා වූ ද, ආර්යයන්ගේ මුල් බිමක් ලෙස සලකනු ලබන්නා වූ ද සමශීතෝෂ්ණ තෘණ තලා ප්‍රදේශය.
ස්ටැලැක්ටයිට්
නා.ප්‍ර. සිලින්ඩරාකාර උපඛනිජ විශේෂයක් ; හුනුකූර ; හිරිලඹය.
ස්ටැලැග්මයිට්
නා.ප්‍ර. කාන්දුවන ජලය කරණකොට ගෙන ගුහාවක බිම සිට උඩට සෑදෙන ශෘඞ්ගාකාර උප ඛනිජ වර්ගයක්.
ස්ටැලෝයි
නා.ප්‍ර. විදුලි වැඩ සඳහා ගනු ලබන තුනී තහඩු වශයෙන් නිෂ්පාදනය කරන වානේ විශේෂයක්.
ස්ටිගා
නා.ප්‍ර. අර්ධ පරපෝෂිත ශාක වර්ගයක්.
ස්ටිබයින්
(පාරිභා.) නා.ප්‍ර. විෂ වායු වර්ගයක් ; ඇන්ටිමනි හයිඩ්රයිඩ්.
ස්ටියරික් අම්ලය
(පාරිභා.) නා. ද්‍රවාංකය 690c සහ තාපාංකය 2870c වශයෙන් ඇති ඒක භාෂ්මික මේද අම්ලයක්.
ස්ටිරේඩියනය
(පාරිභා.) නා. ඝන කෝණ මැනීමේ ඒකකය.
ස්ටීල්යාඩ්
නා.ප්‍ර. පැරණි රෝම ජාතිකයන් ධාන්‍ය ආදිය කිරා බැලීම සඳහා භාවිත කරන ලද තුලා යන්ත්‍රයක්.
ස්ටීල්රිඩ්
නා.ප්‍ර. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ වියන යන්ත්‍රයට සවිකරන ලද වානේ කම්බිවලින් සාදන ලද දණ්ඩ.
ස්ටීවන්සන් නිවාරකය
නා. වාතයේ නියම වශයෙන් පවතින උෂ්ණත්වය මැන ගැනීමට භාවිත කරන උපකරණය.
ස්ටෙරොල
නා. ඩී විටමින් ආදියෙහි අඩංගු මූල ද්‍රව්‍යයක්.
ස්ටෙලයිට්
නා.ප්‍ර. ඉතා දැඩි ලෝහ වර්ගයක්.
ස්ටෙලෝයි
නා.ප්‍ර. විදුලි වැඩ සඳහා තුනී තහඩු වශයෙන් නිෂ්පාදනය කරනු ලබන වානේ විශේෂයක්.
ස්ටේටර්
නා.ප්‍ර. පැරණි ග්‍රීක මුදල් ඒකකයක්.
ස්ටොක් එක්ස්චේන්ජ්
නා.ප්‍ර. (ලන්ඩන් නුවර පිහිටා ඇති) මහා විනිමය මධ්‍යස්ථානය.
ස්ටොක් බ්‍රෝකර්
නා.ප්‍ර. කොටස් වෙළඳ පොළේ තැරැව්කාර කටයුතුවල යෙදෙන්නා.
ස්ටොයිතියෝ මිතිකය
(පාරිභා.) නා. සංඛ්‍යා රසායන විද්‍යාව ; ද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීමේ සංඛ්‍යාත්මක සමානුපාතික හැදෑරීම.
ස්ටෝන්
නා.ප්‍ර. බර කිරීම හා සම්බන්ධ මිනුමක් ; රාත්තල් දහ හතරක බර.
ස්ටෝරේජ් බැටරිය
නා. විදුලිබලය රැස්කොට ඇති බැටරිය හෙවත් කෝෂය.