සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1758

ස්තන

නා.ප්‍ර. තනය ; පයෝධරය.

ස්තන ග්‍රන්ථිය

නා. තනය හෝ පයෝධරය ආශ්‍රිතව කිරි නිෂ්පාදනය කරන ග්‍රන්ථිය.

ස්තන ශ්වසනය

නා. සුසුම්ලන ශ්වසනය ; හතිලමින් කරන හුස්ම ගැනීම.

ස්තනන්ධයා

නා. දරුවා ; බාල දරුවා.

ස්තනරෝහිත

නා.ප්‍ර. තන මුල ඇති චර්ම මර්මස්ථානය ; ස්තන මූලය.

ස්තන්‍ය

නා.ප්‍ර. තනයෙන් පොවන කිරි ; තනකිරි.

ස්තනාංශකය

[ස්තන + අංශුකය]
නා. පයෝධර වැස්ම ; තනපට.

ස්තනිතය

නා. ගර්ජනාව ; නාදය ; ගිගුරුම.

ස්තබකය

නා. පොකුර ; කැන ; රාශිය.

ස්තබ්ධ

වි. තද ; නොනැමෙන ; එකට බැඳුණු.
නා.ප්‍ර. තදබව ; දැඩිබව.

ස්තම්භ ප්‍රස්තාරය

නා. කුලුනු වැනි තීරු උපයෝගී කොට අඳින ප්‍රස්තාරය.

ස්තම්භනය

නා. තද කිරීම ; කණුවක් මෙන් නොසැලෙන බවට පත් කිරීම.

ස්තම්භය

1. නා. ටැඹ ; කුලුන ; කණුව.
2. හිතේ ඇති වන තද මානය.
3. ශරීරයේ අංගෝපාංග හා ක්‍රියාකාරකම් තද වුණු හිර වුණු ස්වභාවයක් දක්වන රෝගයක්.

ස්තම්භික

වි. කුලුනු මෙන් එකිනෙකට ළඟින් පිහිටි.

ස්තම්භිකාව

නා. බීජාණුධානියක මැද ඇති වඳ අක්ෂය ; ගොලුබෙලි කටුවේ මැද අක්ෂය.

ස්තර කැටි වලාකුළ

නා. වැස්ස ගෙන නොදෙන තට්ටු සහිත සුදු වලාකුළ.

ස්තරගෝලය

නා. පොළොවෙන් සැතපුම් හයක් හතක් ඉහළ පිහිටි වායු ස්ථරයක්.

ස්තරණය

නා. පැතිරීම ; පැතිර පවත්නා ප්‍රදේශය.

ස්තරය

නා. පාෂාණ ආදී තට්ටුව ; ප්‍රතානය.

ස්තරලතය

නා. තිරස් ව විහිදී ගිය තැනිතලාව.

ස්තරීභවනය

නා. පටක බවට පත්වීම ; තට්ටු සෑදීම ; ස්තර බවට පත් වීම.

ස්තරීභූත අපිච්ඡදය

නා. පටක බවට පත් පිට සිවි.

ස්තරීභූතපාෂාණ

නා.ප්‍ර. රසායනික වෙනස්වීමෙහි ප්‍රතිඵල වශයෙන් පස්තට්ටු තෙරපීමෙන් සෑදෙන ශිලා ඛණ්ඩ ; ගල් තට්ටු.

ස්තරීය

වි. ස්තරයක් බවට පත් ; පටකයක් වශයෙන් පවතින.