සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1759
ස්තවකය
නා. පොකුර ; සමූහය ; කැටිය ; කළඹ.
ස්ත්‍රිය
1. නා. ලිය ; ගැහැනිය ; මාගම.
2. භාර්යාව ; බිරිය.
ස්ත්‍රී චිකිත්සාව
නා. කාන්තාවන්ට විශේෂ වූ වෛද්‍ය විද්‍යාව.
ස්ත්‍රී දූෂණය
නා. බලහත්කාරයෙන් ස්ත්‍රියක හා සංසර්ගයේ යෙදීම.
ස්ත්‍රී ධූර්තයා
නා. පර ස්ත්‍රීන් කෙරෙහි ඇලී වසන්නා ; පරදාර සේවනය කරන්නා.
ස්ත්‍රී නිමිත්ත
නා.ප්‍ර. ස්ත්‍රියකැයි හඳුනා ගැනීමට ඉවහල් වන අංගය ; ස්ත්‍රී ලිංගය.
ස්ත්‍රී බීජය
නා. රජෝබීජය ; ස්ත්‍රී ජන්මාණුව ; ආර්තවාණුව.
ස්ත්‍රී රත්නය
නා. විශිෂ්ට ගතිගුණ වලින් හෙබි වනිතාව ; ශ්‍රේෂ්ඨ කාන්තාව.
ස්ත්‍රී රාශි
(ජ්‍යෝති.) නා.ප්‍ර. රාශි බෙදීමේ එක් ක්‍රමයක් ; වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර සහ මීන යන රාශි හය.
ස්ත්‍රී ලාලිත්‍යය
නා. ස්ත්‍රියකගේ සුන්දර ගතිය ; කාන්තා විලාසිතාව ; නාරිලාලිත්‍යය ; කයින් වචනින් කාන්තාවක දක්වන සුන්දරත්වය.
ස්ත්‍රී ලිඞ්ග
1. නා.ප්‍ර. ගැහැණු බව දක්වන සලකුණ ; යෝනිය.
2. (ව්‍යාක.) ස්ත්‍රී වාචක පද අයත් වන ලිඞ්ගය.
ස්ත්‍රී ලිඞ්ගික මල
නා. ඒක ලිඞ්ගික පුෂ්ප වර්ගයක නාමය ; ජායාංගි පුෂ්ප.
ස්ත්‍රී සම්භෝගය
නා. ස්ත්‍රියක සමඟ කරන සංවාසය.
ස්ත්‍රී සොඬ
වි. ස්ත්‍රීන් කෙරෙහි ඇලුණු ; ස්ත්‍රී ලෝලී.
ස්ත්රීකේශර
(පාරිභා.) නා.ප්‍ර. පුෂ්පයක කීලය ; ජායාංග ; බීජ ඇති කරන කොටස.
ස්ත්රීපුරය
නා. රජුන්ගේ බිසෝවරුන් සඳහා වෙන් කරන ලද මාලිගය ; අන්තඃපුරය ; ඇතොර.
ස්තානන් ජනරාල්
නා.ප්‍ර. නිදහස් ඕලන්ද රාජ්‍යවල පාලක අධීශ්වරයා.
ස්තාලය
නා. අස්හල ; ඉස්තාලය.
ස්තාවක
නා.ප්‍ර. ගුණකථනයෙහි යෙදෙන්නා ; තියු ගී ගයන්නා ; ස්තුති කරන්නා.
ස්තිමිත
1. වි. තෙත ගතියෙන් යුත්.
2. නොසැලී පවතින.
ස්තිරික්කය
නා. රෙදි මැදීම පිණිස භාවිත කරන උපකරණය.
ස්තුත
වි. ස්තුති කරනු ලැබූ.
ස්තුති ගී
නා.ප්‍ර. ගුණ කථනය සහිතව සුබ පැතීම පිණිස ලියැවෙන පත්‍රිකාව ; ස්තෝත්ර පත්‍රය.
ස්තුති පත්‍රය
නා. ගුණ කථනය පිණිස පවසන ගී ; ප්රශංසාත්මක ගීතිකා.