සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1771
ස්වක්ෂේත්ර
නා.ප්ර. ජ්යෝතිෂයට අනුව ඒ ඒ ග්රහයාට අයත් තැන හෝ ස්ථානය ; ග්රහයාට හිමි තැන.
ස්වකීය
වි. තමාට අයිති ; තමන් සතු ; තමාගේ.
ස්වච්ඡ
වි. අතිශයින් නිර්මල ; බොහෝ පෑදුණු ; විනිවිද පෙනෙන.
ස්වච්ඡ මණ්ඩලය
(පාරිභා.) නා. ඇසෙහි ඉදිරිපස කොටස ; සුදු ඉංගිරියාව ; කනීනිකාව.
ස්වච්ඡන්ද
වි. සිය කැමැත්තෙන් කටයුතු කරන ; සිය කැමැත්ත අනුව යන ; අත්තනෝමතික.
ස්වච්ඡන්ද නිෂේධ බලය
(පාරිභා.) නා. තම කැමැත්ත වැළැක්වීමේ බලය ; සිය අදහස අනුව යාමට ඉඩ නොදීමේ බලය.
ස්වච්ඡන්දය
නා. තමාගේ කැමැත්ත ; සිය කැමැත්ත.
ස්වච්ඡපත්ර
නා.ප්ර. මිනිරන්.
ස්වච්ඡස්තරය
(පාරිභා.) නා. සමෙහි මතුපිට ඇති විනිවිද පෙනෙන තුනී සිවිය.
ස්වච්ඡිය
නා. විනිවිද පෙනෙන සිවිය ; සුදු ඉංගිරියාව.
ස්වච්ඡේදනය
(පාරිභා.) නා. (හූනකු වලිගය කඩා දමන පරිදි) ශරීරයේ අවයවයක් සිය කැමැත්තෙන් කපා හැරීම.
ස්වජාත්යාලය
නා. තමා අයත් ජාතිය කෙරෙහි දක්වන ඇල්ම ; සිය ජාතිය අතරෙහි දක්වන ප්රේමය.
ස්වජාතික
වි. තම ජාතියට අයත් ; ස්වකීය වර්ගයා පිළිබඳ වූ.
ස්වජාතිභක්ෂය
(පාරිභා.) නා. තම ශරීරයේ ම කොටස් හෝ තම වර්ගයේ ම සතුන් ආහාර කොට ගැනීම.
ස්වණ්ඩ
(පාරිභා.) නා.ප්ර. බික් වශයෙන් පිපිරී ඇට විසුරුවා හරින ඵල හට ගන්නා ශාක වර්ගය.
ස්වතන්ත්ර
වි. අන් අයකුගේ හෝ අන් දෙයක බලපෑමක් නොලබන ; නිදහස්.
නා.ප්ර. ස්වාධිපත්යය ; නිදහස.
ස්වතන්ත්රතාව
(පාරිභා.) නා. ආත්මික නිවහල් බව ; නිර්දාසත්වය.
ස්වතන්ත්රවාදය
(පාරිභා.) නා. ග්රහණවලින් තොර චින්තනය ; ස්වාධීනතාවාදය.
ස්වතස්සිද්ධ
(පාරිභා.) වි. ඉබේ ම සෑදුණු ; ස්වාභාවික ව හටගත්.
ස්වදේශය
නා. තමාගේ රට ; සිය දෙස ; තමා උපන් හැදුණු වැඩුණු රට.
ස්වදේශානුරාගය
නා. තමා උපන් රට කෙරෙහි ඇති ඇල්ම ; මව්බිමට ඇති ඇල්ම.
ස්වදේශික
වි. තම රටට අයත් ; ස්වදේශීය.
ස්වදේශිකයා
නා. මව් රටේ වාසය කරන තැනැත්තා.
ස්වධර්ම භ්රෂ්ටයා
නා. (ක්රිස්ති.) ස්වකීය ආගම ධර්මය භක්තිය අතහැර දමන්නා ; ආගම අත් හරින්නා.