සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1772
ස්වනය
නා. හඬ ; නාදය ; ශබ්දය ; රාවය.
ස්වනාශය
නා. ආත්ම ඝාතනය ; සිය පණ හානි කර ගැනීම ; ස්වයං ඝාතනය.
ස්වපක්ෂ
වි. තම පක්ෂයට අයත්.
නා.ප්ර. තමාගේ පක්ෂය ; තමාගේ කණ්ඩායම ; තමාගේ පක්ෂයේ තැනැත්තා.
ස්වප්න දෝෂය
නා. හීනෙන් ශුක්ර ධාතුව පහවීම ; ස්වප්න මෝචනය.
ස්වප්නය
1. නා. නින්දේදී දකින මනෝමය දර්ශනය ; සිහිනය.
2. නිදන අවස්ථාව.
ස්වපාලනය
නා. තමන් ම කරන පාලනය.
ස්වපෝෂි
(පාරිභා.) වි. තමා ම ආහාර-පාන සපයා ගෙන නිදහසේ ජීවත් වන.
ස්වභාව දෘෂ්ටිය
නා. ප්රකෘතිය ඉබේ පහළ වූවකැයි යන මතය.
ස්වභාව ධර්මතාව
නා. ස්වකීය ධර්මය හා එකඟ ව පවතින බව ; ස්වභාව ධර්මය හා අනුකූලතාව.
ස්වභාව ධර්මය
1. නා. ප්රකෘතිය.
2. ධර්ම මාත්රයක් වූ ස්වභාවය.
3. භෞතික ලෝකයේ ස්වරූපය හා සියලු සංසිද්ධි පාලනය කෙරෙන බලවේගය ; සොබා දහම.
ස්වභාව ධර්මවාදය
(පාරිභා.) නා. ස්වභාව ධර්මය අනුගමනය කිරීම ; යථාර්ථවාදී ක්රමය ; ස්වභාවයෙන් හට ගැනෙන තත්ත්ව පදනම් කොටගත් මතවාදය ; ලෝකය ස්වභාවයෙන් ම හටගත් බව ප්රකාශ කරන මතය.
ස්වභාව විද්යාව
(පාරිභා.) නා. ස්වාභාවික පරිසරය අධ්යයනය පිළිබඳ විද්යාව.
ස්වභාවජ
වි. ස්වභාවයෙන් හටගත් ; ඉබේ පහළ වූ.
ස්වභාවතා
නා.ප්ර. නිර්මාණයෙන් තොරව ඉබේ ම වූ හටගැනීම ; ඉබේ ම ඇති වූ කාර්ය සිද්ධිය.
ස්වභාවය
1. නා. ඉබේ ම පිහිටන ගතිය ; ප්රකෘතියෙන් ම හටගත් ආකාරය ; ආවේණික ලක්ෂණය.
2. හැඩරුව ගතිගුණ ආදියෙහි ස්වරූපය.
ස්වභාවෝක්ති
නා.ප්ර. (අලං.) වස්තු පිළිබඳ යථා තත්ත්වය ප්රකට කරන අලංකාරය ; වත් කියමන.
ස්වභාෂාව
නා. ස්වකීය භාෂාව ; මව්බස.
ස්වමණ්ඩලය
නා. තම රට ; ස්වකීය රාජධානිය.
ස්වමීප
වි. සමීප ; අසල ; ළඟ ; ආසන්න.
ස්වයං
අව්ය. තෙමේ ; එය ම ; ඉබේ ම.
ස්වයං උත්ප්රේරණය
නා. ප්රතික්රිියාවක ඵලයක් විසින් ම ඒ ප්රතික්රියාව උත්ප්රේරණය කිරීම.
ස්වයං කර්තෘ
(ව්යාක.) නා.ප්ර. සකර්මක ධාතුවක ක්රියාවේ කර්මය හා කර්තෘ එක ම වූ විට එහි කර්තෘ හඳුන්වන නාමය.
ස්වයං කර්මය
(ව්යාක.) නා. සකර්මක ධාතුවක ක්රියාවේ ක්මය හා කර්තෘ එකම වූ විට එහි කර්මය හඳුන්වන නාමය.
ස්වයං පරාගණය
නා. බාහිර සාධකයක් සම්බන්ධ නොවී පරාග පෝෂණය වීම ; පරාගධානියකින් කලංකය කරා ඉබේ පරාග පැමිණීම.
ස්වයං ප්රභූ
වි. තමා නායකත්වය දරන ; තමාගේ ම පාලනය ඇති.