සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1773
ස්වයං ප්‍රවෘත්ත
වි. ඉබේ ම සිද්ධ වන ; නිරුත්සාහයෙන් ම සිදුවන.
ස්වයං ප්‍රේරණය
(පාරිභා.) නා. පරිපථයේ ගමන් කරන ධාරාවේ වෙනස් වීම වැළැක්වීම පිණිස පරිපථය ම දක්වන විරුද්ධත්වය.
ස්වයං පාලනය
නා. තමන් ම සපයා ගත් නීති මඟින් ආණ්ඩු කිරීම ; ස්වතන්ත්‍ර පාලනය.
ස්වයං බුද්ධ
වි. තමා ම අවබෝධ කරගත් ; තමා විසින් ම ලබාගන්නා ලද බුද්ධත්වය ඇති.
ස්වයං ලිඛිත
වි. තමා විසින් ම ලියන ලද.
ස්වයං විසරණය
(පාරිභා.) නා. වායුවල හෝ ද්‍රවවල අණු ඒකාකාර සංයුතියක් ඇති කරන පරිදි එකිනෙක මිශ්‍ර වීම ; තමන්ගේ ම ව්‍යාප්තිය.
ස්වයං සම්භෝගය
නා. තමා ම තම ලිංගේන්ද්‍රිය පිරිමැදීමෙන් ලබාගන්නා කාමාස්වාදය ; ස්ව කාම ප්රීණනය.
ස්වයං සීමිතය
නා. තමාට (බලතල) සීමා කර ගැනීම.
ස්වයංකල්පිත දේවවාදය
(පාරිභා.) නා. ස්වභාව ධර්මයේ අංගයන් දේවත්වයට නඟා හැදෑරීම පිළිබඳ මතය.
ස්වයංක්‍රිය
වි. බාහිර බලපෑමක් නැතිව සිදුවන ; නිරුත්සාහක ව ක්‍රියාකරන.
ස්වයංකෘත
1. වි. තමා විසින් ම කරන ලද.
2. ඉබේ සිදු වූ.
ස්වයංගුප්ත
1. වි. තමා ම සැඟවුණු.
2. ඉබේ ම වැසුණු.
ස්වයංඝාතනය
නා. තමා ම විනාශ වීම ; සිය දිවි නසා ගැනීම.
ස්වයංචරිත කථාව
වි. ස්වකීය ජීවිතය පිළිබඳ යම් තැනැත්තකු විසින් රචිත කථාව ; තමා ම ලියූ සිය සිරිත.
ස්වයංජනනය
(පාරිභා.) නා. තමාගේ ම පරාගවලින් හෝ ශුක්රවලින් හෝ සංසේචනය වීම.
ස්වයංජාත
වි. ඉබේ ම හටගත් ; ඉබේ ම පහළ වූ.
ස්වයංජේදනය
(පාරිභා.) නා. 1. තමා විසින් තමාගේ ම අවයව හෝ ඉන්ද්රිය සිඳ ගැනීම.
2. ඉබේ ම අවයව ආදිය ක්‍රියා විරහිත වීම හෝ කැපී සිඳී යෑම.
ස්වයංදර්ශය
(පාරිභා.) නා. තනි වර්ණයෙන් පිටපත් ගැනීමේ ඡායාරූප මුද්‍රණ ක්‍රමයක්.
ස්වයංදාස
නා.ප්‍ර. තමාගේ ම කැමැත්තෙන් දාස භාවයට ගිය තැනැත්තා.
ස්වයංප්රතිභානය
නා. යම් ප්‍රස්තුතයක් තමා විසින් ම වටහා ගනු ලැබීමේ සියුම් නුවණ ශක්තිය ; ස්වකීය ප්‍රතිභාව.
ස්වයංපෝෂණය
නා. යැපීමට අවශ්‍ය සියලු දේ තමන් ම උපයාගැනීම ; ස්වකීය දෙයින් ම අවශ්‍යතා සපුරා ගැන්ම.
ස්වයංපෝෂී ශාකය
(පාරිභා.) නා. සරල ද්‍රව්‍යවලින් ආහාර සාදාගත හැකි ශාකය.
ස්වයංලේඛ
නා.ප්‍ර. ඉබේ ම ලිවීම ; ඉබේ ම සටහන් වීම.