සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1770

ස්ඵෛචය

(පාරිභා.) නා. කලවයේ පිටිපස ඇති පේශි අතරෙහි ඇති විශාල ස්නායුව.

ස්ඵෝට

1. නා.ප්‍ර. මහත් ශබ්දය ; පුපුරණ හඬ ; පිපුරුම.
2. ශරීරයේ හටගන්නා බිබිලි ; ගෙඩි.

ස්ඵෝටක

වි. තදින් පුපුරණ ; පැළෙන.

ස්ඵෝටක යන්ත්‍රණය

(පාරිභා.) නා. පුපුරා යන උපක්‍රමය ; පැළී යන ක්‍රමය.

ස්ඵෝටකය

නා. පුපුරණ ද්‍රව්‍යය ; පැළෙන දෙය.

ස්ඵෝටන නළය

(පාරිභා.) නා. පිපිරීම ඇති වන නළය පුපුරන නළය ; පුපුරන නළය.

ස්ඵෝටනය

නා. ශබ්ද නඟමින් හදිසියේ පුපුරා යාම ; පැළීම ; පිපිරීම.

ස්ඵෝටනිය

නා. ලී විදීමට භාවිත කරන උපකරණයක් ; බුරුමය.

ස්ඵෝටිකාව

(පාරිභා.) නා. අණ්ඩප කීපයකින් යුක්ත වියළි පැළෙන සුලු ඵලයක නාමය ; පාසිවල බීජාණු සෑදෙන කොටස.

ස්ඵෝටී

වි. පුපුරණ-සුලු ; පැළෙන ගති ඇති.

ස්ඵෝටී ඵලය

(පාරිභා.) නා. වියළී පැළෙන බහු බීජක ඵලය.

ස්මර

නා.ප්‍ර. අනංගයා.

ස්මරණය

නා. සිහි කිරීම ; මතක් කිරීම ; මතක්වීම ; සිහිය.

ස්මාරකය

නා. සිහිවටනය ; සිහිපත් කිරීම සඳහා ගොඩනගන ලද නිර්මාණය.

ස්මිතය

නා. මඳ සිනාව ; මදහස.

ස්මෘත

වි. සිහි කරන ලද ; සිහිපත් කළ.

ස්මෘතිය

නා. සිහිය ; මතකය ; සිත්සතන් එකඟ කර ගැනීම.

ස්ලයිඩ්

නා.ප්‍ර. ඡායාරූප හෝ නොයෙක් සටහන් එබූ වීදුරු කැබැල්ල ; රූප දර්ශන හෝ සටහන් තබා සාදාගන්නා සැලෝලයිඩ් පතුර.

ස්ලැජ්

නා.ප්‍ර. බල්ලන්, පිනිමුවන් හෝ අශ්වයන් විසින් අඳිනු ලබන විශේෂයෙන් හිම මතුපිට ප්‍රවාහනය සඳහා භාවිත කෙරෙන ලිස්සා යන්නා වූ රෝද රහිත වූ ද රථ විශේෂයක්.

ස්ව

වි. තමාට අයිති ; තමන් සතු ; තමාගේ ; ස්වකීය.

ස්ව පරාගණය

නා. ශාකයක, මලක පරාග එම ශාකයේ ම තවත් මලක කලංකය මත පතිත වීම.

ස්ව ප්‍රතිග්‍රාහක

(පාරිභා.) වි. ආභ්‍යන්තරික උත්තේජ ලබාගත හැකි සංවේදී ස්නායු පිළිබඳ.

ස්ව ප්‍රතිග්‍රාහකය

(පාරිභා.) නා. ආභ්‍යන්තරික උත්තේජ ලබාගැනීමේ සංවේදී ස්නායු අග්‍රය.

ස්ව සන්තානය

නා. තම සිත ; ස්වකීය චිත්තය.