සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1769
ස්ඵටික රූපී
(පාරිභා.) වි. විනිවිද පෙනෙන ; ස්ඵටික ශක්තියෙන් යුක්ත ; පැහැදිලි.
ස්ඵටික ලවණ
(පාරිභා.) නා.ප්‍ර. කැට බවට පත් වූ ලුණු.
ස්ඵටික ව්‍යූහය
(පාරිභා.) නා. ස්ඵටිකයක නිර්මිතය ; පළිඟවක් සෑදී ඇති ආකාරය.
ස්ඵටික ශාස්ත්‍රය
(පාරිභා.) නා. පළිඟුවක හෙවත් ස්ඵටිකයක ජ්‍යාමිතික විස්තරය, ව්‍යූහය, හැඩය හා ගුණ පිළිබඳ ව උගන්වන විද්‍යාව.
ස්ඵටික සෛලය
(පාරිභා.) නා. ඇතැම් දෘෂ්ටි සෛලවල අග ඇති ස්ඵටිකරූපී කේතුව ස්රාවය කරන සෛලයක්.
ස්ඵටිකතාප විද්‍යුතය
(පාරිභා.) නා. උෂ්ණය යෝග්‍ය ලෙස වෙනස් කළ විට එක ස්ඵටිකයේ වෙනත් අංශවල එක විට ඇති වන ධන හා සෘණ විදුලි කැවීම.
ස්ඵටිකාභය
(පාරිභා.) නා. ද්‍රවණය වී නියම ද්‍රාවණයක් සාදන ද්‍රව්‍යයක්.
ස්ඵටිකාර
නා.ප්‍ර. ඖෂධීය ලුණු වර්ගයක් වන සීනක්කාරම්.
ස්ඵටිකී
වි. පළිඟුවක හැඩය ඇති ; ස්ඵටිකයක් වැනි.
ස්ඵටිකීකරණය
(පාරිභා.) නා. ද්‍රාවණයකින් ස්ඵටික ද්‍රව්‍ය සෑදීම ; කැට සෑදීම.
ස්ඵරණය
1. නා. පැතිරීම ; පැතිරවීම.
2. වෙව්ලීම ; ගැස්ම ; ස්පන්දනය.
ස්ඵාලනය
නා. සෙලවීම පහරදීම ; ඇතිල්ලීම.
ස්ඵුට
1. වි. පිපුණු ; විකසිත වූ.
2. බිඳුණු ; පිපිරුණු.
3. ව්‍යක්ත ; ප්‍රකට ; පැහැදිලි ව පෙනෙන.
ස්ඵුටනය
නා. පැල්ම ; විවරය ; ප්‍රසාරණය.
ස්ඵුටය
නා. ග්‍රහයකු සිටින නියම ස්ථානය.
ස්ඵුර දීපනය
(පාරිභා.) නා. සුදු පොස්පරස් වාතයෙහි ඔක්සිභවනය වන විට පෙනෙන කොළ පාටට හුරු දීප්තිය ; ඇතැම් ද්‍රව්‍යවලට එළිය වැටී නැවතුණු පසු තිබෙන දීප්තිය ; තාපය නිකුත් කිරීමෙන් තොර ව සතුන් විසින් උපදවනු ලබන එළිය.
ස්ඵුරණ රේඛනය
(පාරිභා.) නා. ශරීරයේ නාඩි වැටීම සටහන් කරන උපකරණය.
ස්ඵුරණ ශීර්ණ මානය
(පාරිභා.) නා. ශරීරයේ රුධිර පීඩනය මනින උපකරණය.
ස්ඵුරණය
නා. චංචල වීම ; ස්පන්දනය.
ස්ඵුරදීප්ත
(පාරිභා.) නා. තාපයට ආලෝකයට නැත්නම් විද්‍යුත් විසර්ජනයට අනාවරණය කිරීමෙන් පසු උෂ්ණත්වය මිනිය හැකි නැඟීමක් නැති ව නොකඩවා ආලෝකය විමෝචනය කරන ලක්ෂණය ඇති.
ස්ඵුර්ජය
නා. හෙණය ; ගිගිරුම.
ස්ඵුලිංගය
නා. ගිනි පුපුර.
ස්ඵෛච ධමනිය
(පාරිභා.) නා. ස්ඵෛචයට සම්බන්ධ වූ හෘදය වස්තුවේ සිට ශරීරය කරා ලේ ගෙන යන්නා වූ ද වාහිනියක්.
ස්ඵෛච ප්‍රතානය
(පාරිභා.) නා. ස්ඵෛචයට සම්බන්ධ තන්තු සමූහයක් හෙවත් තන්තු දැලක්.