සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1768
ස්පෘශ්ය වත්කම්
නා.ප්ර. ව්යාපාරයක් සතු භාණ්ඩ උපකරණ වැනි නිශ්චිත වටිනාකම් ඇති දේ.
ස්පෘෂ්ට
නා.ප්ර. උච්චාරණ අවයව හා සම්පූර්ණ ස්පර්ශය ඇති ව ගැනෙන ය ර ල ව ෂ ශ ස හ හැර අන් ව්යංජන ශබ්ද.
ස්පෘහණීය
1. වි. රුචි කටයුතු.
2. පැසසිය යුතු.
ස්පෙකියුලම්
නා.ප්ර. ශරීරයේ කුහර පරීක්ෂා කිරිමට භාවිත කරන උපකරණයක්.
ස්පෙකියුලම් ලෝහය
නා. (රසා.) තඹ සමඟ ටින් මිශ්ර ලෝහයක්.
ස්පෙන්සර් වෙල්ස්
නා.ප්ර. වෛද්ය කර්මයෙහි දී භාවිත කරන අඬු විශේෂයක් ; දරුවා ගේ ගෙලෙහි පෙකණිවැල එතී තිබුණොත් අල්ලා ගැනීමට භාවිත කරන අඬුව.
ස්පෙරෝමීටර්
නා.ප්ර. ගෝලමානය තුනී තහඩුවක ඝනකම හෝ ගෝලීය පෘෂ්ඨයක වක්රතා අරය මැනීමට ගන්නා මිනුම් උපකරණයක්.
ස්පොන්ජය
(පාරිභා.) නා. පොරිපාරි වංශයට අයත් ජලජ සත්ත්වයෙක්.
ස්පොන්ජ්
1. නා.ප්ර. (වතුර උරාගන්නා) මූදු හත්ත ; ඉස්සංචිය.
2. වතුර බී ගන්නා කෘතිමව සකස් කරන ලද්ද.
ස්පොන්ජින්
නා.ප්ර. ඉස්පන්ජියන්ගේ කංකාලවල තිබෙන කොරොස් තන්තු.
ස්පොරෝකාපය
(පාරිභා.) නා. බීජාණු හටගැනෙන බහුසෛලීය අවයවය ; බීජාණු ඵලය.
ස්පෝතකනය
(පාරිභා.) නා. කෝෂයක් හෙවත් පැසක් ආකාර වූ නිර්මාණය ; කෝෂ රාශියක් එකතුවීමෙන් සෑදුණු නිර්මාණය.
ස්පෝරය
(පාරිභා.) නා. කලලයක් අන්තර්ගත නැති ක්ෂුද්ර ප්රජනක සෛලයක්.
ස්ඵටනය
(පාරිභා.) නා. කැට බවට පත්වීම ; ද්රාවණයකින් ස්ඵටික සෑදීම ; ස්ඵටිකීකරණය.
ස්ඵටය
නා. නයි පෙණය.
ස්ඵටික
වි. කිසියම් නිත්ය රටාවකට අනුව පරමාණු පිහිටීමෙන් සෑදුණු ; පළිගු ආකාර.
නා.ප්ර. කිසියම් නිත්ය රටාවකට අනුව පරමාණු පිහිටීමෙන් සෑදුණු වස්තුවක් ; කැටය ; පළිඟුව.
ස්ඵටික අක්ෂය
(පාරිභා.) නා. ස්ඵටිකයක දෛශික ගුණාංග සඳහා ප්රයෝජනයට ගැනෙන තොරතුරු ලබාගන්නා ආකාරය දක්වන අක්ෂය.
ස්ඵටික අනාවරකය
(පාරිභා.) නා. එක් දිශාවකට පමණක් සන්නයනය කිරීමේ ගුණයෙන් යුක්ත ස්ඵටිකයක් ; ස්ඵටික සෘජුකාරකය.
ස්ඵටික ඇන්ටිමනි
(පාරිභා.) නා.ප්ර. නිලට හුරු සුදු ලෝහ මූලද්රව්යයක්.
ස්ඵටික කාචය
(පාරිභා.) නා. ඇසේ තාරා මණ්ඩලය පිටුපස පිහිටි පාරදෘශ්ය පටකය හෙවත් විනිවිද පෙනෙන කාචය.
ස්ඵටික ග්රෙටිම
(පාරිභා.) නා. වර්ණ වෙන් කෙරෙන ස්ඵටිකය; වර්ණ-විග්රාහික ස්ඵටිකය.
ස්ඵටික ජලය
(පාරිභා.) නා. සජල සංයෝගවල පවතින ජලය ; ස්ඵටිකවල සංයෝජනය වී ඇති ජලය.
ස්ඵටික නිධිය
(පාරිභා.) නා. ගසාගෙන අවුත් තැන්පත් වී ඇති තිරුවාණ ආදී සියුම් කැට.
ස්ඵටික පාෂාණ
(පාරිභා.) නා.ප්ර. පර්වත ලෝදිය ඝනවීමෙන් සෑදෙන ස්ඵටික අඩංගු පාෂාණ.