සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1767
ස්පර්ශාවර්තනය
1. නා. උත්තේජනයක් සඳහා ජීවියකු දක්වන ප්‍රතිචාරය.
2. ස්පර්ශය ලද උත්තේජනය දෙසට උද්භිදයක් ක්‍රමයෙන් වැඩීම.
ස්පර්ශාහාරය
නා. (අභි.) සුඛ දුක්ඛ ආදී ත්‍රිවිධ වේදනාවන්ට ප්‍රත්‍යය වන්න.
ස්පර්ශේන්ද්‍රිය
1. නා. ශරීරයට ස්පර්ශය ලබාදෙන අවයවය ; ස්නායු පද්ධතිය.
2. පුරුෂ නිමිත්ත හෝ ස්ත්‍රී නිමිත්ත.
ස්පර්ශොන්මුඛය
(පාරිභා.) නා. 1. වක්‍ර රේඛාවක් අනන්තය කරා ළඟා වනවිට එහි සීමාවෙහි දී එම චක්‍ර රේඛාවෙන් ස්පර්ශවන රේඛාව.
2. කකුලේ අස්ථි සමඟ සන්ධානය වන සේ ඇස්වටයේ පිහිටි අස්ථියක්.
ස්පරාක්කය
නා.ප්‍ර. රන් රිදී වැඩකරුවන් පාවිච්චි කරන කිණිහිරයක් වැනි උපකරණයක්.
ස්පෂ්ට
වි. පැහැදිලි ලෙස පෙනෙන්නා වූ ; අවබෝධවන්නා වූ.
ස්ප්‍රෂ්ටව්‍යය
1. නා. ස්පර්ශ කටයුතු දෙය.
2. පංච කාමයන්ගෙන් එකක්.
3. ස්පර්ශ කළ හැකි පෘථිවි තේජස් වායු ධාතු.
ස්ප්‍රීතු ශාන්තු
නා.ප්‍ර. ක්‍රිස්තියානි ආගමේ දැක්වෙන ශුද්ධෝත්තමයා.
ස්ප්රෙන්ජල් පොම්පය
(පාරිභා.) නා. නළයක් තුළ රසදිය බින්දු අතරේ වායුව හිර කිරීමෙන් නිර්ගමනය කරන වායු යන්ත්‍රයක්.
ස්ප්‍රොකට් රෝදය
නා. දම්වැලකින් ක්‍රියා කරවීමට භාවිත කරන දැති සහිත රෝදයක්.
ස්පාකින් ප්ලග්
නා.ප්‍ර. ඇන්ජිමක ස්ඵෝටක මිශ්‍රණයට ගිනි ඇවිලීම සඳහා ඉන්ලට් වෑල්වය මුදුනට යොදනු ලබන ඇබයකට තරමක් සමාන උපකරණයක්.
ස්පාටා
නා.ප්‍ර. ක්‍රි. පූ. 9 වන ශත වර්ෂයේ පමණ ග්‍රීසියේ පැවැති බව කියන අති බලවත් රාජ්‍යයක්.
ස්පැතික් යපස්
නා.ප්‍ර. ස්පැතික් යකඩ ලබාගැනීම සඳහා උපයෝගී කරගනු ලබන ඉල්ලම් මිශ්‍ර පස් වර්ගය.
ස්පැරෝමීටරය
නා. රේඛීය ප්‍රසාරණ සංගුණික ආදි කුඩා විපර්යාස මැනීමට භාවිත කරනු ලබන විශේෂ මානනයක්.
ස්පිකා
නා.ප්‍ර. තාරකාවක නාමය.
ස්පිගේලියස්
නා.ප්‍ර. (සත්ව.) පෘෂ්ඨවංශීන්ගේ අක්මාවෙහි පිහිටි කුඩා සපුච්ඡ ඛණ්ඩිකාව.
ස්පිරිට් ලෙවලය
නා. තිරස් බව දැනගැනීමට අඩ වශයෙන් ස්පිරිට් පිර වූ වීදුරු නළය.
ස්පිරිත්තු
නා.ප්‍ර. යම් ද්‍රව්‍යයකින් පෙරාගන්නා මද්‍යසාරය.
ස්පිරිලය
(පාරිභා.) නා. සර්පිලාකාරව නැමුණු බැක්ටීරියාවක්.
ස්පිරුරොයිඩයා
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ ආහාර ජීර්ණ පද්ධතියෙහි හා ස්වසන පද්ධතිවල ඇති වන පරජීවි බැක්ටීරියාවක්.
ස්පිරෝකීටයා
නා. (සත්ව.) සර්පිලාකාරව දගර වැටුණු කෙඳි වැනි බැක්ටීරියාව.
ස්පුටසාදී
නා.ප්‍ර. ආයුෂ කාලය සෙවීමට භාවිත කරන ජ්‍යෝතිෂ ගණිත ක්‍රමයක්.
ස්පුරුව
නා. ‘බී’ කාණ්ඩයේ විටමන් හීනතාව නිසා ඇතිවන රෝගයක්.
ස්පෘශ්‍ය
වි. අතට දැනෙන ; ස්පර්ශ කළ හැකි.