සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1766
ස්පමගෝනිය
(පාරිභා.) නා. පුමණු සෑදෙන (බෝතලයක හැඩයෙන් යුත්) අවයවය ; පුමණුධානිය.
ස්පමැටිය
(පාරිභා.) නා. (උද්භි.) රතුවන් අල්ගේවල ඡායා රෝමය වෙතට ජලය මගින් ගෙන යනු ලබන්නා වූ අචල පුං ජන්මාණුව.
ස්පයිරකල්
නා.ප්ර. කෘමි ගණයට අයත් සතුන්ගේ ද ඇතැම් ඇරැක්නීඩාවන්ගේ ද ශ්වසනේන්ද්රිය පද්ධතියෙහි පෘෂ්ටයේ පිහිටි කුහරයක්.
ස්පයිරිලම් මයිනස්
(පාරිභා.) නා.ප්ර. ස්පයිරිල්ලා ගණයට අයත් ක්ෂුද්රාණුවක්.
ස්පයිරිල්ලා
(පාරිභා) නා.ප්ර. දඟර සහිත හැඩයෙන් යුත් රෝග බීජයක්.
ස්පයිරෝකීටය
(පාරිභා.) නා. ස්පයිරෝකීටා ගණයට අයත් ඕනෑම ජීවාණු විශේෂයක්.
ස්පර්ධාව
1. නා. නින්දාව ; අපහාසය ; හෙළා දැකීම ; අවඥාව.
2. තරගයට ඉදිරිපත් වීම ; අභියෝගය ; ආත්මෝත්කර්ෂණය.
ස්පර්ශ පරිවර්තකය
(පාරිභා.) නා. සල්ෆියුරික් අම්ලය නිපදවීමේ දී භාවිත කරනු ලබන උපකරණය.
ස්පර්ශ ලක්ෂ්යය
නා. වක්රයක චාපයේ ගෑවී යන ලෙස අඳිනු ලබන සරල රේඛාවකින් කැපී යන ස්ථානය ; වෘත්ත පරිධිය සමග සරල රේඛාවක් ගැටෙන ලක්ෂ්යය.
ස්පර්ශ විපරීතතාව
නා. ආග්නේය පාෂාණ ස්කන්ධයක ආක්රාන්තිය නිසා සිදුවන විපර්යාසය.
ස්පර්ශ සංඝට්ටනය
නා. ඇස, කණ, දිව, නාසය, ශරීරය යන පසිඳුරන් සමග ඒවාට අදාළ රූප, ශබ්ද, රස, ගන්ධ, ස්පර්ශ යන ආලම්බනය හෙවත් අරමුණු ගැටීම හෙවත් එක්වීම.
ස්පර්ශක
1. වි. එකිනෙකා හා ගෑවීමෙන් ඇති වන සංවේදය හා සම්බන්ධ.
2. (පාරිභා.) වක්රයක ගෑවෙන්නේ වුව ද ඡේදනය නොවන.
ස්පර්ශක උත්තේජය
නා. ගැටීම නිසා ප්රබෝධයට පැමිණෙන උපේන්ද්රිය.
ස්පර්ශක රේඛාව
නා. චක්රයක චාපයෙහි ඇති එක් ලක්ෂ්යයක ගෑවී යන ලෙස ඇඳි රේඛාව.
ස්පර්ශකය
1. නා. එක් ලක්ෂ්යයක දී පමණක් චක්රයක් ස්පර්ශ කරන සරල රේඛාව.
2. විද්යුත් චුම්බක තරංග ලබා ගැනීම හා සම්ප්රේෂණය සඳහා යොදා ගනු ලබන සන්නායක පද්ධතිය හෝ ගුවන් කම්බිය.
3. බොහෝ ආත්රොපෝඩාවන්ගේ හිස් මුදුනෙහි පිහිටි උපාංගයක්.
4. මෝටර් රථ ඇන්ජිමක විදුලි පැට්රෝල් පොම්පයේ ඇති කොටසක්.
ස්පර්ශජ ගුප්ත බලය
නා. ඇතැම් ශරීර කොටස් උපයෝගී කරගෙන මන්ත්ර බලයෙන් කෙනකුන් වශී කිරීමට ඇතැයි විශ්වාස කරනු ලබන බලය.
ස්පර්ශජරෝග
නා.ප්ර. රෝගියකුගේ සිරුර ස්පර්ශයෙන් හෝ ඔහු භාවිත දෑ ඇසුරින් බෝවන රෝග.
ස්පර්ශනය
1. නා. ශරීරයෙහි කවර හෝ ස්ථානයක් වෙනත් වස්තුවක ගැටීම.
2. වස්තු දෙකක් එකට ගැටීම.
3. රෝග නිදාන පරීක්ෂා සඳහා ශරීරයේ අදාළ තැන් අල්ලා බැලීම.
ස්පර්ශය
1. නා. ඇස, කන, දිව, නාසය, ශරීරය, සිත යන ආයතන සයේ ආලම්බනයක් ගැටීම නිසා ඇතිවන සම්බන්ධතාව ; යම් වස්තුවක් තවත් වස්තුවක් හා පරතරයක් ඇති නොවන පරිදි සම්බන්ධ වීම.
2. පසිඳුරන් කිසියම් වස්තුවක් සමඟ ගැටීමේ දී ඇතිවන සම්බන්ධය.
ස්පර්ශසාර්වසරණය
නා. කයෙහි යමක් ගැටුණු විට හෝ තැවරුණු විට ජීවියකු දක්වන ප්රතිචාරය.
ස්පර්ශා
නා.ප්ර. ස්පර්ශය දෙන්නී ; ස්පර්ශය ගෙන දෙන ස්ත්රිය.
ස්පර්ශාංග අපවර්තනය
නා. (උද්භි.) ශාකයක මුලකට ගල් වැනි දැඩි දෙයක් හසු වූ විට ඒ බාධා මඟහරිමින් වෙන අතකට නැමී යෑම.
ස්පර්ශාංග උපවර්තනය
නා. උඩට විහිදෙන උද්භිදාංගය එල්බගත හැකි දෙයකට හැරී යාම.
ස්පර්ශානිශ්චය
නා. කිසියම් වස්තුවක හැඩය ස්පර්ශයෙන් දැන ගැනීමේ පුළුවන්කම නැති වීම.