සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1765

ස්නේහ බීජ

නා.ප්‍ර. තල තෙල්.

ස්නේහ වස්ති

1. නා.ප්‍ර. තෙලෙන් කරන වස්තිය.
2. මෘදු වස්තිය ; වස්ති කරන ලද දැයින් ශරීරයට හානි නොකරන වස්තිය.

ස්නේහ ව්‍යාපත්

නා.ප්‍ර. ස්නේහ පානයෙන් සිදු වන පීඩා.

ස්නේහ විභ්‍රමය

නා. නියමිත විධියට අනුකූල නොවූ ස්නේහ පානය.

ස්නේහකය

(පාරිභා.) නා. ඝර්ෂණය අඩු කිරීමට භාවිත කරන ග්‍රීස්, තෙල් වැනි ලිහිස්සී ද්‍රව්‍ය.

ස්නේහකර

වි. ඇලුම් කටයුතු වූ ; ප්‍රේමණීය වූ.

ස්නේහකර්ම

නා.ප්‍ර. සිරුරේ තෙල් ගැල්වීම ; තෙල් ගැල්වීමෙන් කෙරෙන වෛද්‍ය ප්‍රතිකාරය.

ස්නේහන ක්‍රමය

(පාරිභා.) නා. ස්නේහක (තෙල්) යෙදීමේ ක්‍රමය.

ස්නේහන පුඩුව

නා. යන්ත්‍ර සූත්‍රවලට තෙල් ගැසීම සඳහා යොදා ඇති පුඩුව.

ස්නේහනය

1. නා. ස්නේහ දැක්වීම ; ආදරය කිරීම.
2. ඇඟෙහි තෙල් ගැල්වීම.
3. මෘදු කිරීම ; සිනිඳු කිරීම.
4. ඝර්ෂණය අඩු කිරීම සඳහා ග්‍රීස්, තෙල් ආදිය යෙදීම.

ස්නේහප්‍රහරණය

නා. ආදරය පළ කිරිමට සෙමින් පහරදීම ; ප්‍රේම තාඩනය.

ස්නේහපුටපාකය

නා. තෙල් බඳුනක ලා රත් කිරීම ; කැකෑරීම.

ස්නේහය

1. නා. ආදරය ; ප්‍රේමය.
2. තෛලය ; තෛලම.
3. තෙල් ගැල්වීම.

ස්නේහිත

1. වි. තණ්හාවෙන් ඇලුණු ; ආශාවෙන් යුක්ත.
2. ප්‍රේමවන්ත.

ස්නේහිතයා

නා. ප්‍රේමවන්තයා.

ස්නේහී

වි. ස්නේහයෙන් යුක්ත ; මිත්‍ර ; ආදරවන්ත.

ස්නෛහික

වි. රළු ස්වභාවය නැති කරන ; සිනිඳු කරන.

ස්පගෙටි පණුවා

නා. දිග සිහින් ශරීරයක් ඇති කුඩා පණු වර්ගය.

ස්පන්ජිය

නා. පොරිපෙරා වර්ග මිය ගොස් ඉතිරි වන මෘදු දේහ රාමුව ; මූදු හත්ත.

ස්පන්දක

(පාරිභා.) වි. ස්පන්දනය ඇති කරන්නා වූ.

ස්පන්දකය

(පාරිභා.) නා. ස්පන්දනය ඇති කරන උපකරණය.

ස්පන්දනය

1. නා. මඳක් චංචල වීම ; පොපියීම.
2. ගැස්ම ; නාඩි වැටීම.

ස්පන්දය

නා. (භෞති.) ධ්වනි තරංග දෙකක තීව්‍රතාව පිළිබඳ උස්වීම හා පහත් වීම.

ස්පන්දි ධාරාව

නා. (පාරිභා.) ආවර්තිත ව තීව්‍රතාව වෙනස් වන එහෙත් දිශාව වෙනස් නොවන විද්‍යුත් ධාරාව.