සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1764
ස්ථුල
1. වි. මහත ; තරබාරු ; තර ; පුෂ්ටිමත්.
2. නොසියුම්.
ස්ථූල ජන්මාණුව
(පාරිභා.) නා. මහත් වූ හිසක් ඇති ප්‍රජනක සෛලය.
ස්ථූල දන්තුරිත
(පාරිභා.) වි. පළල් ශාක පත්‍රයක දත් වැනි රෑළි සහිත වාටිය හෙවත් පත්‍ර දාරය ඇති.
ස්ථූල න්‍යෂ්ටිය
(පාරිභා.) නා. සෛලයක් තුළ පවත්නා කේන්ද්‍රික ප්‍රධාන මහා අවයවය.
ස්ථූල වෘක්කිකාව
(පාරිභා.) නා. වකුගඩුවක කාර්යය ඉටු කිරීම සඳහා ආපෘෂ්ඨවංශීන් හා සෙසු පහත් සතුන් සතු බහිස්රාවී නාලිකාව.
ස්ථූලා
නා. සමේ පිහිටි සිවි සතෙන් ඇතුළතින්ම ඇති අවසාන සිවිය.
ස්ථූලාන්ත්රය
[ස්ථූල + අන්ත්රය]
නා. ආහාර මාර්ගයේ ක්ෂුද්‍රාන්තයේ සිට ගුදය දක්වා විහිදෙන නාලය ; මහ බඩවැල.
ස්ථෛර්යය
1. නා. තහවුරුවීම ; ස්ථාවර වීම ; ස්ථිරත්වය.
2. නිශ්චල බව.
ස්නසා අක්ෂය
(පාරිභා.) නා. ස්නායු සෛලයක ආවේගය ගෙන යන ප්‍රසරය.
ස්නසා අර්දනය
(පාරිභා.) නා. ස්නායුවක මාර්ගය එල්ලෙහි වරින්වර හදිසියේ ඇති වන අධික වේදනාව.
ස්නසාදාහය
(පාරිභා.) නා. ස්නායුවක ප්‍රදාහය.
ස්නසාලේෂය
(පාරිභා.) නා. මොළයේ හා සුසුම්නාවේ පිහිටි ආධාරක පටක ; ස්නායු ශ්ලේෂය.
ස්නසාව
(පාරිභා.) නා. ස්නායු සෛලය ; නියුරෝනය ; ස්නායු පද්ධතියේ කුඩා ක්‍රියාකාරි ඒකකයක්.
ස්නානය
නා. ජලස්නානය ; නෑම.
ස්නායු කෙඳි
(පාරිභා.) නා.ප්‍ර.බහු. ස්නායු ආවේග හෙවත් පණිවුඩ එහා මෙහා ගෙන යන සියුම් කෙඳි.
ස්නායු කෙඳිත්ත
(පාරිභා.) නා. සෛල ප්‍රසර තුළ ඇති සියුම් කෙඳි.
ස්නායු ජාලය
(පාරිභා.) නා. දැලක් හෝ එකට බැඳී ඇති ස්නායු සමූහය.
ස්නායු පද්ධතිය
නා. සත්ත්වයකුගේ ශරීරයෙහි තිබෙන ස්නායු ද ගැංග්ලියම් ද ස්නායු කෙළවරවල් ද යන සියල්ලේ සමස්තය.
ස්නායු පදානය
(පාරිභා.) නා. අවයවකට ස්නායු බෙදීයාම.
ස්නායු ප්‍රතානය
(පාරිභා.) නා. දැලක් මෙන් එකට බැඳී ඇති ස්නායු සමූහය.
ස්නායු ශ්ලේෂය
(පාරිභා.) නා. මොළයේ හා සුසුම්නාවේ තිබෙන ආධාරක පටක.
ස්නායුතය
(පාරිභා.) නා. අවයවයකට ස්නායු බෙදීයාම.
ස්නායුව
(පාරිභා.) නා. ශරීරයේ අවයවයක් හෝ කොටසක් හෝ කරා දිවෙන මධ්‍යම ස්නායු පද්ධතියේ ශාඛාවක්.
ස්නිග්ධ
1. වි. රූක්ෂ නොවූ, රළු නොවූ ; මුදු ; මොළොක් ; සිනිඳු.
2. ස්නේහයෙන් යුත් ප්‍රේමණීය ; මිත්‍ර.