සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 18
අගසස් දන්
නා.ප්ර. පළමු අස්වැන්නෙන් දෙන දානය; ඉඳුල් නොකර දෙන ප්රථම දානය.
අගහර
1. නා. රජුන් විසින් පුදන ලද ගම්වරය; ප්රවේණි කර දුන් කෙත්-වත් ආදිය.
2. නා. අනගි මුතුපට; අගනා මුතු මාලය.
අගහරුව
නා. අවමානය; අපහාසය; අගෞරවය.
අගහිග
වි. අඩුපාඩු ඇති; නැති බැරිකමින් යුත්; දුප්පත්.
නා.ප්ර. නැතිබැරිකම; දුප්පත්කම.
අගහිඟය
නා. නැතිබැරිකම; දුප්පත්කම.
අග් දලුව
නා. අග ඇති ඉතා ළපටි කොළය; මුදුන් දලුව.
අග් බත
නා. කුඹුරක අස්වැන්න ලැබීමෙන් පසු කමත් පරිභෝග කිරීමට පෙර මහණ බමුණන්ට දෙන දානය; අගහස් දන.
අග් බඹර
වි. අගින් වකුටු වූ; අක් බඹරු.
අග් මල
නා. තල්, කිතුල්, පොල් ආදි ගස්වල මුදුන් මල.
අග් මෙහෙසුන්
නා.ප්ර. අග මෙහෙසිය; අග බිසව; අභිෂේක ලත් ප්රධාන බිසව.
අග්ග
1. වි. උතුම්; ශ්රේෂ්ඨ.
2. වි. කෙළවර වූ; අවසාන වූ.
අග්ග බීජය
නා. පැළවෙන අතු අග්ගිස්ස; කරටිය ම බීජය වූව.
අග්ගලා
නා.ප්ර. බැදපු සහල් ආදී ධාන්යපිටි පැණියෙන් අනා ගුළි කර සාදා ගැනෙන කැවිලි විශේෂයක්.
අග්ගස්ස
නා. අගසස්.
අග්ගස්ස දානය
නා. අගසස් දන්.
අග්ගහ කැළේ
(කථා.) නා. මහා කැළය; මූකළාන; මහා වනය.
අග්ගි ජාල
නා.ප්ර. ගිනිදැල්ල; ගිනිදලුව.
අග්ගි දාහය
නා. ගින්නෙන් දැවී යාම; පිළිස්සී යෑම.
අග්ගි හෝමය
නා. ගිනි පූජාව; ගිනි දැල්වීමෙන් ගිනි දෙවියාට කරන යාගය.
අග්ගික
වි. ගිනි දෙවියා පුදන.
අග්ගින්න
1. නා. අහරින් හිස් වූ ආමාශයෙහි ඇති වන දාහය; බඩගින්න.
2. නා. අර්ශස් ගඩු හටගැනීමෙන් ඇති වන රෝගය; අර්ශස් රෝගය; අග්නිමූලය.
අග්ගිපරිචරණය
නා. ගිනි දෙවියන් උදෙසා පූජා පැවැත්වීම.
අග්ගිය
නා. ගින්න; වහ්නිය.
අග්ගිරය
(කථා.) නා. කෙළවර; අවසානය; අන්තය.
අග්ගිස්ස
නා. අගකොන; අන්තිම කොටස; තුඩ; කෙළවර.