සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 19
අග්ගොන
(කථා.) නා. කුඩා ළැහැබ; අකුල; කුඩා වනරොද.
අග්ඝාපනික
නා.ප්‍ර. භාණ්ඩවල මිල නියම කරන්නා; තක්සේරුකරු.
අග්ඝිකාව
1. නා. පහන් ගස.
2. නා. මලින් හෝ පහනින් කළ සැරැසිල්ල.
3. නා. දාගැබ්වල සතර දිශාභිමුඛ ව තැනූ තොරණ; වාහල්කඩ.
අග්න්යගාරය
1. නා. ගිනි තපින ගෙය; ගිනිහල් ගෙය.
2. නා. ගිනි දෙවියා පුදන ශාලාව.
අග්න්‍යාශය
නා. ආහාර දිරවන, ආග්නේය රසය උපදවන ඉන්ද්රිය; ඇලදිව.
අග්න්‍යාශයික ප්‍රණාලය
නා. අග්න්‍යාශයෙහි පවත්නා ස්රාවය ගෙන යන කුඩා නාලය.
අග්න්යුන්මාදය
නා. ගේදොර දේපළ ආදියට ගිනි තැබීමේ පිස්සුව; ගිනි උමතුව.
අග්නි
නා.ප්‍ර. අග්නිය බ.
අග්නි කණිකා
නා.ප්‍ර. ගින්නෙන් ඈතට විසිරී යන ගිනි පුපුරු; ගිනි පුලිඟු.
අග්නි කපාලය
නා. ගිනි අඟුරු දැමූ කබල; ගිනිකබල.
අග්නි කර්මය
නා. ගින්නෙන් දැවීමෙන් කරන ප්‍රතිකාර විධිය; සිරුරෙහි යම් යම් තැන් පිළිස්සීමෙන් සිදු කරන පිළියම.
අග්නි ක්‍රීඩාව
නා. ක්‍රීඩාවක් වශයෙන් මල්වෙඩි සාදා පත්තු කිරීම.
අග්නි කාය
නා.ප්‍ර. ලෝකයේ පවත්නා නිත්‍ය පදාර්ථ සතෙන් එකක්.
අග්නි කාෂ්ඨය
නා. ගිනිගත් දර ලීය; ගිනිපෙනෙල්ල.
අග්නි කුණ්ඩය
නා. ගිනි දල්වන කබල; අඟුරු කබල.
අග්නි කෝණය
නා. දකුණටත් නැගෙනහිරටත් අතර අනු දිශාව; ගිනිකොන.
අග්නි ගණය
නා. ඡන්දස් ශාස්ත්‍රයෙහි එන අට ගණයෙන් එකක්; ‘ර’ ගණය.
අග්නි ගර්භ
නා.ප්‍ර. සූර්ය තාපය ගැබ් ව ඇතැයි සැලකෙන පාෂාණ විශේෂය; පළිඟු.
අග්නි ජාලය
නා. ගිනිදැල්ල; දැල්වෙන ගින්න.
අග්නි තාපය
නා. ගින්නෙන් රත් කිරීම.
අග්නි දග්ධ
වි. ගින්නෙන් දැවුණු.
1. නා.ප්‍ර. ගින්නෙන් දැවීමෙන් සිදු වූ තුවාලය.
2. නා.ප්‍ර. ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ගින්නෙන් පිලිස්සීම; අග්නි කර්මය.
අග්නි දිග
ගිනිකොණ: අග්නි කෝණය බ.
අග්නි දීපක
වි. බඩගිනි වඩන; ආමාශයෙහි ගින්න වඩන; ආහාර පැසවීමේ ශක්තිය වැඩි කරන.