සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 20
අග්නි දීපනය
නා. ආහාර පැසවීමේ ශක්තිය වැඩි වීම; ජඨරාග්නිය දියුණු වීම.
අග්නි දේවතාවා
1. නා. ගින්නට අධිපති දෙවියා; ගිනි දෙවියා.
2. නා. හිරු ග්‍රහයාට ස්වාමි වූ දෙවියා.
අග්නි ධරය
1. නා. වාතයට හසු වීමත් සමඟ ම ගිනි ගැනීමේ ස්වභාව ඇති දෙය; ගිනි ගන්නා සුලු දෙය.
2. නා. ගිනිකන්ද.
අග්නි ධර්ම
වි. ගින්නට බඳු ස්වභාව ඇති; ගිනි වැනි.
අග්නි ධාතුව
1. නා. ගිනි පිළිබඳ මූල ධාතුව; තේජෝධාතුව.
2. නා. සිරුරෙහි ගින්න වඩන මූල ද්‍රව්‍යය; පිත්තය.
අග්නි පාෂාණය
නා. එකිනෙක ගැටීමෙන් ගිනි හටගන්නා ගල්වර්ගය; ගිනිගල.
අග්නි පුටය
නා. ඖෂධ ශුද්ධ කිරීම හෝ විෂ නැති කිරීම සඳහා භාවිත කෙරෙන රසායනික පාක ක්‍රමයක්.
අග්නි පුත්‍ර
නා.ප්‍ර. ධූමකේතු හෙවත් වල්ගාතරු විශේෂයක්.
අග්නි පූජාව
1. නා. ගිනි දෙවියන් පිදීම; ගිනි පිදීම.
2. නා. ගින්නෙහි දමා පිලිස්සීම; ගිනිබත් කිරීම.
අග්නි බලය
නා. ආහාර දිරවීමේ ශක්තිය; බඩගිනි උපදවන බලය.
අග්නි භය
නා.ප්‍ර. ගින්දරෙන් හටගන්නා බිය; පංච මහා භය අතුරෙන් එකක් වන ගිනි බිය.
අග්නි භූ ධරය
නා. මුදුනේ විවරයකින් උණු අළු ලෝදිය ආදිය නිකුත් වන පර්වතය; අභ්‍යන්තරයේ තැන්පත් ව ඇති ලෝදිය කවර විටක හෝ විවරයකින් නිකුත් වීමට ඉඩ ඇති පර්වතය; ගිනිකන්ද.
අග්නි මණ්ඩලය
1. (ජ්‍යෝති.) නා. ගින්න සහිත ව භූමිකම්පා සිදු වන නැකැත් ඇතුළත් සීමා ප්‍රදේශය; පුස, කැති, විසා, බෙරණ, මා පුව පුටුව, පුවපල් යන නැකැත් අයත් මණ්ඩලය.
2. නා. පූජාව සඳහා මණ්ඩලාකාර ව තැනෙන ගින්න; ගිනි මඬල.
අග්නි මානය
(පාරිභා.) නා. දැඩි උෂ්ණත්වය මනින උපකරණය; ඉහළ උෂ්ණත්ව මාපකය (=pyrometer).
අග්නි මුද්‍රාව
නා. භාරතීය නාට්‍යවල දක්නට ලැබෙන මුද්‍රාවක්.
අග්නි මූලය
මූලග්ගින්න.
අග්නි යෝගය
(ජ්‍යෝති.) නා. ගිනි බියට කාරණ වන අශුභ නැකැත් යෝගයක්.
අග්නි රක්ෂණය
1. නා. ගිනි දෙවියන් පිදීම සඳහා ගෙයි ගිනි නිවෙන්නට නො දී රැකීම.
2. නා. ගින්නෙන් වන හානි පිළිබඳ ව කරන රක්ෂණය; ගිනි රක්ෂණය.
අග්නි වර්ණය
නා. ගිනි පැහැ; ගින්දර පාට.
අග්නි වර්ධකය
නා. බඩගිනි වඩන දෙය.
අග්නි විද්‍යුතය
(පාරිභා.) නා. ස්ඵටිකයක උෂ්ණත්වය සුදුසු පරිදි වෙනස් කිරීමෙන් එහි විවිධ කොටස්වල එකවර උපදින ධන හා සෘණ විදුලි ආරෝපණය (= pyro-electricity).
අග්නි ශාලාව
1. නා. ගිනි පුදන ශාලාව; ගිනිහල.
2. නා. ගිනි තපින ගෙය; ගිනිහල් ගෙය.
අග්නි සංගය
නා. කුසගිනි අඩුකම; අග්නිමන්දය.
අග්නි ස්කන්ධය
නා. කඳක් මෙන් නැගී සිටින ගින්න; ගිනිගොඩ.
අග්නි ස්තම්භනය
1. නා. ගින්දරෙහි දැවෙන ස්වභාව මැඬ පැවැත්වීම.
2. නා. සූසැට කලාවලින් එකක් වන ගිනි-සිසිල් කිරීම.