සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1833

සුධාර

නා.ප්‍ර. මැටියෙන් සාදන ලද ගෙය.

සුධාරකයා

නා. මනා සේ (සිත්හි) දරාගන්නා ; බොහෝ දැන උගත් තැනැත්තා ; මහා ප්‍රාඥයා.

සුධාලධානිය

(පාරිභා.) නා. සුධාලධාරකය ; ආමලසය දරන ආධාරක ඉන්ද්‍රියය.

සුධාලය

(පාරිභා.) නා. දිර වූ ආහාර අඩංගු කිරිපාටට හුරු වසා ද්‍රව්‍ය ; පයෝලසය ; ආමලසය.

සුධාවර්ෂයා

නා. බුදුරජ.

සුධාසන

නා.ප්‍ර. අමෘතය වළඳන්නා ; දෙවියා.

සුධාසි

නා.ප්‍ර. දේවලෝකය.

සුධිනිය

නා. පොරොව.

සුධී

නා.ප්‍ර. දැන උගත්තැනැත්තා ; ප්‍රාඥයා ; යහගුණ ඇත්තා.

සුධී ජනයා

නා. උගත් ජනයා ; ප්‍රාඥ ජනයා ; සාධු ජනයා.

සුධී මතය

නා. උගතුන්ගේ අදහස ; පණ්ඩිතයන්ගේ අදහස.

සුධීරයා

නා. උගතා ; පණ්ඩිතයා.

සුධෝත

වි. අතිශයින් සුදු.

සුධෞත

වි. අතිශයින් මුවහත් කළ ; ඉතා හොඳින් කැපෙන.

සුනංගුව

නා. ප්‍රමාදය.

සුනඛ තර්ක

නා.ප්‍ර. පහත් තර්කය ; දුර්වල තර්ක.

සුනඛ දන්ත

නා. මුඛයේ ඇති දත් වර්ග සතරින් එකකි ; උඩු යටි ඇඳි දෙකේ ම, මැදින් ඇති ඵරශුදන්ත හතරට දෙපසින් එක බැගින් ඇති උල් දත් ; දඩයම් දත්.

සුනඛ ව්‍යාධයා

නා. බල්ලන් කැටුව ගොස් සතුන් දඩයම් කරන්නා ; බලු වැද්දා.

සුනඛයා

නා. බල්ලා.

සුනත

නා. ඡේදනය වූ, කැපී වෙන් වූ අත.
වි. මනා සේ උඩට නැමුණු ; මනා ව උන්නත වූ.

සුනන්ද

නා.ප්‍ර. දෙවැනි අසඞ්ඛ්‍යයට ව්‍යවහාර වන නාමය.
වි. ප්‍රීතිදායක.

සුනමනා

වි. කැපිය යුතු ; සිඳිය යුතු.

සුනම්‍ය

වි. ඉතා පහසුවෙන් නැමෙන නොහොත් නැමිය හැකි.

සුනම්‍ය ගෙන්දගම්

නා.ප්‍ර. ගෙන්දගම් ද්‍රව්‍ය ඇල්දියට වත් කිරීමේ දී සෑදෙන ගෙන්දගම්.