සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1834
සුනම්‍යතාව
නා. පහසුවෙන් නැමෙනසුලු බව.
සුන්
1. වි. ශුන්‍ය ; හිස් ; කිසිවක් නැති.
2. සිඳින ලද ; කපන ලද.
3. කකාරන ලද ; කකාරා හින්දවන ලද.
නා.ප්‍ර. සුඟ ; පොඩිත්ත ; කුඩා දෙය.
සුන් ගෝත්‍රිකයා
නා. සුළු ජන කොටසකට අයත් තැනැත්තා.
සුන් ජාතිය
නා. සුළු පිරිසක් අයිති ජාතිය ; සුලු ජාතිය.
සුන් තුරු
නා.ප්‍ර. තුරු හෙවත් ගස් සුන් කරන පොරොව.
සුන්කන්
නා.ප්‍ර. ආදායම් බද්ද ; තීරුබද්ද.
සුන්කිරි
නා.ප්‍ර. කකාරන ලද කිරි.
සුන්දර
වි. සිත, ගත පිනවන ; ශෝභන ; උසස් ; යහපත් ; සොඳුරු.
නා.ප්‍ර. කාමදේව ; අනංග.
සුන්දරී
නා.ප්‍ර. යහපත් ස්ත්‍රිය ; සොඳුරු තැනැත්තිය.
සුන්න
නා. චූර්ණය ; සුනු ; කුඩු ; ධූලිය.
සුන්නත
නා.ප්‍ර. (ක්‍රිස්ති.) ලෝකය විනාශ වන දිනය ; දෙවියන් වහන්සේගේ නඩු තීන්දු දිනට පෙර දිනය.
සුන්නත් කිරීම
නා. ඉස්ලාමීය ආගමික චාරිත්‍රයක් ; ළදරුවකුගේ පුරුෂ ලිංගයේ අග පිහිටි හමෙන් කොටසක් කපා දැමීම.
සුන්නි
නා.ප්‍ර. මූල සාම්ප්‍රදායික මුස්ලිම් ජනයා.
සුන්පහණ
නා. (පාරිභා.) බිඳීගිය පාෂාණය ; කැඩී ගෙවී ගිය ගල් ආදිය.
සුන්පහර
නා.ප්‍ර. සුඹුලුව ; බූව ; කුඩු සහිත පිට කොටස.
සුන්පිටු
නා.ප්‍ර. මූණ බලන කණ්ණාඩිය ; කැටපත.
සුන්බුන්
නා.ප්‍ර. සිඳුණු-බිඳුණු දෑ ; කැඩී බිඳී ගිය දෙය ; නෂ්ටාවශේෂය.
සුන්වස්
වි. වස් සමාදානය සිඳුණු ; සිඳුණු වස් ඇති.
සුන්විසුන්වෙනවා
ක්‍රි. කඩා බිඳී යනවා ; පොඩි පට්ටම් වෙනවා.
සුනාමි
නා.ප්‍ර. සාගර පත්ලෙහි සිදුවන භූ චලනයක් හෝ වෙනත් කම්පනයක් හෝ නිසා පහළවන දැවැන්ත උස සාගර රැල්ලක්.
සුනැඹල
වි. ඉතා මහත් වූ ; ඉතා බලවත් වූ.
සුනික්ෂිප්ත
වි. අහක දමන ලද.
සුනිඛාත
වි. මැනවින් සිටුවන ලද.
සුනිගෘහිත
වි. බොහෝ නිග්‍රහ කරන ලද ; අතිශයින් නිග්‍රහ කරන ලද.