සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1835

සුනිමල්

වි. සුළු හෝ අපවිත්‍රතාවක් නැති ; ඉතා පිරිසිදු ; නිර්මල.

සුනිමි

වි. මනාව නිම කරන ලද.

සුනිල්

වි. අතිශයින් නිල්පාට වූ.

සුනිල්මිණි

නා.ප්‍ර. ඉතා නීල වර්ණ මාණික්‍යය.

සුනිවස්ත්‍ර

වි. මනා ව හැඳ ගත් ; ඉතා හොඳින් ඇඳගත්.

සුනිශ්චිත

වි. ඉතා හොඳින් නිශ්චය කරන ලද.

සුනිෂ්ඨිත

වි. ඉතා හොඳින් නිමවන ලද.

සුනිසා

නා.ප්‍ර. යෙහෙළිණිය ; ලේලි.

සුනිසිත

1. වි. අතිශයින් තියුණු වූ.
2. මැනවින් නිශ්චය කරන ලද.

සුනීල

වි. අතිශයින් නීල වර්ණ වූ.

සුනීලකේසතා

නා.ප්‍ර. ඉතා නිල්පැහැ හිසකෙස් ඇති බව.

සුනු

1. නා.ප්‍ර. අඹරා සියුම් ව කුඩු කරන ලද්ද ; සිහින් කුඩු ; චූර්ණය ; සුන්න.
2. බිත්ති සුදු කිරීමට ආලේප කරන හුනු.
3. පුතා.
වි. කැඩුණු ; කැබලි වී ගිය.

සුනු සහල්

නා.ප්‍ර. වී කෙටීමේ දී කැබලිවලට කැඩීයන හාල් ඇට ; කඩ සහල්.

සුනුගැබ්

නා.ප්‍ර. ගර්භනීන්ට සත් මසින් කරන ගැබ් පෙරහරක්.

සුනුපිරියම්

නා.ප්‍ර. සුනු ආලේප කිරීම ; හුනු ගෑම ; සුධා පරිකර්මය.

සුනුබදාම

නා.ප්‍ර. බිත්ති බැඳීමට සහ මට්ටම් කිරීමට (කපරාරු කිරීමට) හුනු, වැලි සහ ඇතැම් විට, සිමෙන්ති ද ජලයෙන් අනා සාදාගන්නා මිශ්‍රණය.

සුනුබොල්

නා.ප්‍ර. හුනු පුළුස්සන පිරිස.

සුනුයම්

නා.ප්‍ර. හුනුවලින් කරන කර්මාන්තය.

සුනුවිසුනු කරනවා

ක්‍රි. පොඩි පට්ටම් කරනවා ; කූඩු කරනවා ; විනාශ කරනවා.

සුනෙර

නා.ප්‍ර. මහාමේරු පර්වතය ; සුනෙර ගිර.

සුපක්

1. වි. මනාව ඉදුණු ; හොඳින් පැසුණු.
2. හොඳට රත් වූ ; හොඳට උණු වූ.
නා.ප්‍ර. අඹ.

සුපක්ෂ

1. වි. ස්වපාක්ෂික ; විරුද්ධ නොවූ.
2. මාංශ පේශීන්ගේ සාමූහික ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරමින් ක්‍රියා කරන ; සාමූහික ක්‍රියාකාරිත්වයෙන් යුත්.

සුපක්ෂපේශී

නා.ප්‍ර. සාමූහික ක්‍රියාකාරිත්වය පෙන්නුම් කෙරෙමින් ක්‍රියා කරන මාංශ පේශි.

සුපගෘහිත

වි. මනා සේ දැඩි – කොට අල්වාගත් ; තදින් ග්‍රහණය කළ.