සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1832

සුදුෂ්කර

වි. අතිශයින් අමාරු.

සුදුස්තරණීය

වි. තරණය කිරීමට, එතෙරවීමට, පසුකර යාමට, ඉතාමත් අමාරු.

සුදුසු

වි. යෝග්‍ය ; ගැළපෙන.

සුදෘෂ්ට

1. වි. පැහැදිලි ලෙස දැකිය හැකි.
2. පහසුවෙන් වැටහෙන.

සුදෙක්

වි. හුදු ; තනිකර; කේවල.

සුදෝපට

නා.ප්‍ර. සුදුපාට රෙදි ; ඇඳුම්.

සුදෝසුදු

වි. අතිශයින් සුදුපාට ඇති.

සුධන්ත

1. වි. හොඳට ගිනි පිඹින ලද.
2. හොඳින් උණු කර පිරිසිදු කරන ලද.

සුධම් දෙව් සබය

නා. සක්දෙවි රජුගේ දේව සභාව ; සුධර්මා දේව සභාව.

සුධර්ම

නා.ප්‍ර. යහපත් ආගම ; මනා ධර්මය ; යහපත් දෙසුම.

සුධර්මා

1. නා.ප්‍ර. තම පවුල කෙරෙහි නිසි ආරක්ෂාව සලසන පුද්ගලයා ; ධර්මිෂ්ඨ පුද්ගලයා.
2. සක්දෙවි රජුගේ භාර්යාව.
3. ශක්‍ර දේවේන්ද්‍රයාගේ දේව සභාව.

සුධා

1. නා.ප්‍ර. දෙවියන්ගේ ආහාරය ; අමෘතය.
2. මල්පැණි ; පුෂ්ප මධුව.
3. බිත්ති සුදු කිරීමට ගන්නා හුණු.

සුධා ජීවියා

නා. හුණු පිරියම් කරන්නා ; කපරාරු වැඩ කරන්නා.

සුධා නිෂේක

නා.ප්‍ර. අමා රසය ඉසීම ; අමා රසය වැගිර වීම.

සුධා පාසාණක

නා.ප්‍ර. හුණුගල් ; හිරිගල්.

සුධා භෝජනය

නා. දිව්‍ය භෝජනය.

සුධා වර්ෂය

1. නා. මල් පැණි වැස්ස.
2. සුධාරස වර්ෂාව ; දිව්‍ය පානය.

සුධා ශර්කරා

නා.ප්‍ර. දවා අළු කළ හැකි ගල්.

සුධාංශු

1. නා.ප්‍ර. සඳ ; චන්ද්‍රයා.
2. කපුරු.

සුධාංශු රත්න

නා.ප්‍ර. මුතුඇට.

සුධාකර

නා.ප්‍ර. චන්ද්‍රයා.

සුධාකර්මය

නා. හුණු (බදාම) ගා මට්ටම් කිරීම ; සුණු පිරියම.

සුධාජලය

නා. අමෘත ජලය ; අමා පැණි.

සුධාධවල

වි. හුණුවලින් සැදුවාක් මේන සුදු වු ; හුණු පිරියමින් සුදු වූ.