සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1831

සුද්ධාන්තය

නා. රජමාලිගයේ බිසෝවරුන් සඳහා වෙන් කරන ලද කොටස ; අන්තඃපුරය.

සුද්ධාවාසය

නා. බ්‍රහ්ම ලෝකයක නාමය.

සුද්ධික ගිනි ස්ථානය

නා. (ක්‍රිස්ති.) පව්කාරයන් ස්වර්ගයට යාමට පෙර දුක්විඳ සුද්ධවන ස්ථානය.

සුද්ධිපත්‍රය

1. නා. ශෝධ්‍ය පත්‍රය ; සෝදුපත ; අවසාන මුද්‍රණයට පෙරාතු ව වැරදි නිවැරදි කිරීම සඳහා දෙන මුද්‍රිත පිටුව.
2. ග්‍රන්ථයක් මුද්‍රණය කිරීමෙන් පසු ඉතිරි වී තිබෙන වැරදි තැන් නිවැරදි කොට දක්වන අතිරේක පිටු නොහොත් පිටුව.

සුද්ධිය

1. නා. මලනැති වීම; පිරිසිදු වීම.
2. සුද්ධියට පත් කළ යුතු නිවැරදි ආකාරය දක්වන පත්‍රිකාව.
3. කෙලෙස් මල නැති කිරීම.
4. මෝක්ෂය; නිර්වාණය.

සුද්‍රාව්‍ය

(පාරිභා.) නා.ප්‍ර. ද්‍රව්‍ය දෙකකින් හෝ වැඩි ගණනකින් සමන්විත අවම ද්‍රවාංකයකින් යුක්ත මිශ්‍රණයක්.

සුද්‍රාව්‍ය උෂ්ණත්වය

(පාරිභා.) නා. සුද්‍රාව්‍යයක ලක්ෂ්‍යයට අනුරූප වන උෂ්ණත්වය.

සුද්‍රාව්‍ය ලක්ෂ්‍යය

නා. සුද්‍රාව්‍යයක අවට ද්‍රවාංකයක නිර්මාණයත් උෂ්ණත්වයත් පෙන්වන්නා වූ ස්වාභාවික රූපසටහනේ හිමාංක වක්‍රයත් ද්‍රව්‍යනා වක්‍රයත් සම්මුඛ වන ලක්ෂ්‍යය.

සුදින්න

නා.ප්‍ර. යහපත් සිතින් දෙන ලද්ද ; හොඳින් දුන් දෙය.

සුදී

වි. ශුද්ධ ; පවිත්‍ර වූ.

සුදු

1. වි. ධවල ; හෙළ ; ශුභ්‍ර.
2. පවිත්‍ර ; පිරිසිදු.
නා.ප්‍ර. ශ්වේත වර්ණය.

සුදු ඉංගිරියාව

නා. ඇස් ගෝලය ආවරණය වූ සුදුවන් කොටස.

සුදු ඊයම්

නා.ප්‍ර. ශුද්ධ කළ ඊයම්.

සුදු කලේවරකය

(පාරිභා.) නා. ලේවල පවතින සුදු පැහැයෙන් යුක්තඅණු ; ශ්වේත රුධිරාණුව.

සුදු ලෝහය

නා. සුදු පැහැති ලෝහ වර්ගය ; ටින්, බෙලෙක්.

සුදු සේලේ

නා. උඩරට කාන්තා ඇඳුමේ එල්ලා වැටෙන සුදු රෙදිපොට.

සුදු හඳුන්

නා.ප්‍ර. ඖෂධීය ශාකයක් වන සුදු පැහැ කඳ සහිත හඳුන්.

සුදු හළු

නා.ප්‍ර. සුදුපාට අළු ; දැව වර්ග දැවීමෙන් ඇතිවන සුදු පැහැ ගත් අළු.

සුදු හුණු

නා.ප්‍ර. බෙල්ලන්ගේ කටු, හිරිගල් හෝ ඩොලමයිට් පුලුස්සා සාදා ගැනෙන්නා වූ ද, ජලයේ මිශ්‍ර කොට බිත්ති ආදියෙහි ආලේප කළ හැකි වූ ද හුණු.

සුදුමැලි

වි. මලානික ගතියෙන් යුත් ; පාණ්ඩු පැහැ ඇති.

සුදුයකඩ

නා.ප්‍ර. මල නො බැඳෙන වානේ.

සුදුල

වි. අතිශයින් දීප්තිමත් ; මනාසේ බබලන.

සුදුවන්

වි. සුදුපාට ; සුදුපාට ඇති.

සුදුවා

(කමත්.) නා. බුලත්විටට ගන්නා හුණු.