සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1830
සුදන
නා.ප්ර. සත්පුරුෂයා.
සුදන්ත
වි. විශිෂ්ට හික්මීමකින් යුතු ; මනා සේ හික්මුණු ; ආත්ම දමනයෙන් යුතු.
සුදම්
1. නා.ප්ර. සක් දෙවිඳුගේ රාජ සභාව.
2. යහපත් ධර්මය.
4. ඉතා හොඳින් නිමවන ලද දම්වැල.
සුදර්ශනීය
වි. බැලීමට අතිශයින් ම රුචිය උපදවන්නා වූ ; ඉතා සුන්දර.
සුදසුන්
වි. මනා දැකුම් ඇති ; අතිශයින් දැකුම්කලු.
සුදහගින්න
නා. දැඩි බඩගින්න ; හාමත.
සුද්ද
1. වි. පිරිසිදු ; පවිත්ර ; ශුද්ධ.
2. පූජනීය ; ආගමික පවිත්රතාවෙන් යුත්.
නා.ප්ර. පිරිසිදුකම ; ශුද්ධවන්තකම.
සුද්ද කරනවා
1. ක්රි. අපවිත්ර දෑ ඉවත් කර පිරිසිදු කරනවා.
2. බිමක වල්පැළෑටි ආදිය කපා එළිපෙහෙළි කරනවා.
3. (රූඪි.) කිසි ම දෙයක් ඉතිරි නොකර පැහැර ගන්නවා.
4. දෝෂාරෝපණයෙන් මුදවනවා.
සුද්දමද්දල
නා.ප්ර. පැරණි බෙර විශේෂයක්.
සුද්දරස
නා.ප්ර. ඖෂධ සඳහා ශුද්ධ කළ රසදිය.
සුද්දවෙනවා
1. ක්රි. පිරිසිදු වෙනවා.
2. බඩ විරේක වෙනවා.
3. ස්ත්රීන්ගේ මාස් ශුද්ධිය සිදුවෙනවා.
4. නිදොස් වෙනවා.
සුද්දා
1. නා. පිරිසිදු තැනැත්තා.
2. හමෙන් සුදුපාට තැනැත්තා ; සුදු ජාතිකයා.
සුද්ධ අභ්රක
නා.ප්ර. පිරිසිදු කරන ලද අභ්රක හෙවත් මිනිරන්.
සුද්ධ ගන්ධක
නා.ප්ර. පිරිසිදු කළ ගෙන්දගම්.
සුද්ධ ජංඝයා
නා. සුදුපාට ගාත්රා ඇති කොටළුවා.
සුද්ධ ජලය
නා. පිරිසිදු වතුර ; ආගමික වශයෙන් ශුද්ධ යැයි සැලකෙන ජලය.
සුද්ධ පඨවිය
නා. ගල් බොරලු ආදිය මිශ්ර නැති, පස් හා මැටි සහිත පොළොව.
සුද්ධ ලියවිල්ල
නා. පූර්ණ බලැති දෙවියකුගේ මූලික දේශනා අඩංගු යැයි සැලකෙන ලියවිල්ල.
සුද්ධක
නා.ප්ර. විනය පිටකයෙහි දැක්වෙන සංඝාදිසේස ඇවැත් හෙවත් ආපත්ති හැර අනෙක් ලඝු වූ ඇවැත්.
සුද්ධවන්තයා
නා. ආගමික පවිත්රතාවක් ඇත්තා ; සාන්තුවරයා.
සුද්ධස්ථානය
නා. ආගමික පවිත්රතාව පවතින පූජනීය ස්ථානය.
සුද්ධාඞ්ගරාගය
නා. ඇඟේ ගල්වනු සඳහා සඳුන්, කොකුම් ආදියෙන් සාදන ලද පිරිසිදු කල්කය.
සුද්ධාජීවය
නා. පවින් තොර ධාර්මික දිවිපෙවෙත ; ආගමික පවිත්රතාව ඇති ජීවන පිළිවෙත.
සුද්ධාත්මය
නා. (ක්රිස්ති.) දෙවියන් සමග සම්බන්ධ විය හැකි මිනිසාගේ ආත්මය.