සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1829
සුඟ
1. වි. කුඩා ; පුංචි ; සිහින්.
2. බොහෝ ; හුඟ ; දීර්ඝ.
1. නා.ප්‍ර. ටික ; ස්වල්පය මාත්‍රය.
2. කෙණ්ඩ ; බත් කෙන්ද.
3. දරුවා ; බාලයා.
සුචරිත
වි. යහපත් චරිතයක් ඇති ; මනා හැසිරීම් සහිත.
සුචරිතය
නා. යහපත් චරිතය ; මනා හැසිරීම.
සුචි
වි. පවිත්‍ර ; නිර්මල ; පිරිසිදු.
සුචිත්‍ර
වි. විසිතුරු ; විචිත්‍ර.
සුචිර
නා.ප්‍ර. දීර්ඝ කාලය.
සුජන
නා.ප්‍ර. සත්පුරුෂයා ; යහපත් උත්පත්තියක් ඇති.
සුජිවනය
නා. මැනවින් ජීවත්වීම ; යහපත් ව ජීවත් වීම.
සුණංගුව
නා. ප්‍රමාදය ; පමා වීම.
සුණු
වි. ඇසුණු ; ශ්‍රවණය කළ.
1. නා.ප්‍ර. චූර්ණය ; කුඩ.
2. හුණු.
සුණුකම්
නා.ප්‍ර. හුණු පිරියම් කිරීම ; සුණු බදාම ගෑම.
සුත
1. නා.ප්‍ර. පුතා ; දරුවා.
2. සූත්‍රය ; සූත්රධර්මය.
3. ඇසීම ; ශ්‍රවණය.
සුත භූමිය
නා. උපන් තැන ; උපන් ගෙය.
සුත මංගලය
නා. මංගල සම්මත දෙයක් ඇසීම.
සුතධන
නා.ප්‍ර. උගත්කම.
සුතධර
නා.ප්‍ර. බහුශ්‍රැතයා ; පණ්ඩිතයා.
සුතනා
නා.ප්‍ර. දරුවා ; පුත්‍රයා.
සුතපෙම
නා. දරුපෙම.
සුතඹු
නා.ප්‍ර. පුත්‍රයා හා භාර්යාව ; දරුවා හා බිරිය.
සුත්ත නිපාතය
නා. තුන් පිටකයෙන් ඛුද්දක නිකායට අයත් ග්රන්ථයක්.
සුත්තපිටකය
නා. ත්‍රිපිටකයෙන් එක් පිටකයක්.
සුද
1. නා.ප්‍ර. වර්ණයක් ; සුදු ; ධවල.
2. දිව්‍ය භෝජනය ; සුධාව.
සුදක්ෂිණාව
නා. පරිත්‍යාගය ; කෙනකුගේ අයිතිය තෑගිකර දීම සම්බන්ධයෙන් යෙදේ.
සුදඟර
නා. සුවඳවත් විලේපනයක් ; ඇඟේ ගල්වන සුදු පැහැති සුවඳ ද්‍රව්‍යයක්.