සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1828
සුක්කානම
නා. වාහනයක් හෝ යාත්‍රාවක් හෝ දිශා ගැන්වීමට උපකාර වන මෙවලම.
සුක්ටෝරියා
(පාරිභා.) නා.ප්‍ර. පරපෝෂිත පක්ෂ්මධර සත්ත්ව විශේෂයක්.
සුක්රෝස්
(පාරිභා.) නා.ප්‍ර. කාබෝහයිඩ්රේටයක් ; උක්, බීට් වැනි ශාක වර්ගවල තිබෙන සීනි.
සුක්ල
1. නා.ප්‍ර. සුදු පැහැය ; සුදු පාට.
2. ශුක්‍ර ධාතුව.
සුකුමාර
වි. ඉතා සියුමැලි වූ ; අතිශය කෝමල වූ ; සුකුමාල.
සුකෘත
වි. මැනවින් කරන ලද ; යහපත් ; හොඳ.
නා.ප්‍ර. පින් ; යහපත් ක්‍රියා.
සුඛ
වි. දුෂ්කර නොවූ ; පහසු.
නා.ප්‍ර. කායික හෝ මානසික සුවදායක වින්දනය ; සැපය ; සුවය.
සුඛ විහරණය
නා. සුව පහසුකම් ඇති ව විසීම ; සැපවත් ජීවිතයක් ගත කිරීම.
සුඛනම්‍ය
වි. මැනවින් නැමෙන ස්වභාවයෙන් යුත් ; පහසුවෙන් නැමිය හැකි.
සුඛාන්ත නාට්‍යය
නා. සතුටක් ලබා දෙමින් අවසන් වන නාට්‍යය ; ප්රීතිජනක අවසානයක් ඇති නාට්‍යය.
සුඛිත
වි. සැප ඇත්තා වූ ; සුවයට පත් ; ප්‍රීතිමත්.
සුඛුම
වි. සියුම් ; සූක්ෂ්ම.
සුඛුමාල
වි. සියුමැලි ; සුකුමාර.
සුඛෝච්චාරණය
නා. පහසු උච්චාරණය.
සුඛෝපභෝගි
වි. සැප විදීමට අවශ්‍ය ; සැප විදීම සඳහා භාවිත.
සුග
නා.ප්‍ර. ටික ; ස්වල්පය.
සුගත
නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ ; බුදුරජ.
සුගතිය
1. නා. දිව්‍යලෝක මනුෂ්‍යලෝක වසයෙන් ගැනෙන යහපත් ස්ථාන.
2. මනා ආත්ම භාවය ; යහපත් ගතිය ; සුන්දර ගතිය.
3. (ක්‍රිස්ති.) ස්වර්ගය ; සුර රාජ්‍යය ; මෝක්ෂ රාජ්‍යය.
4. යහපත් ගමන.
සුගන්ධ
වි. සුවඳවත් ; මනා සුවඳින් යුත්.
සුගන්ධය
1. නා. යහපත් ගන්ධය ; මනා සුවඳ.
2. සුවඳවත් ද්‍රව්‍යය ; සුවඳ දෑ.
සුගන්ධි
වි. සුගන්ධවත් ; සුවඳැති.
සුගඳ
නා.ප්‍ර. යහපත් සුවඳ.
සුගම
වි. පහසු ; සරල ; පහසුවෙන් අවබෝධ වන.
සුගුණ
නා.ප්‍ර. යහපත් ගුණ ; මනා ගතිගුණ ; හොඳ පැවැත්ම.