සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 190

අෂ්ටලෝක ධර්මය

නා. අට ලෝ දහම.

අෂ්ටවඞ්ක

නා.ප්‍ර. වක් අට.

අෂ්ටවඞ්ක මාණික්‍යය

නා. වක් අටක් ඇති මැණික.

අෂ්ටවිධ

වි. අට ආකාර වූ; අට වැදෑරුම්.

අෂ්ටශ්‍රමණපරිෂ්කාර

නා.ප්‍ර. අට පිරිකර.

අෂ්ටාඞ්ග ශීලය

නා. අංග අටකින් යුත් සීලය; අටසිල්.

අෂ්ටාඞ්ගය

නා. අඞ්ග හෙවත් අවයව අට; අෂ්ටාඞ්ග මාර්ගයෙහි කොටස.

අෂ්ටාවශේෂ

වි. අටින් එකක් ඉතිරි වූ; අටින් එකක් බවට පත් වූ.

අෂ්ටාශ්‍රය

නා. කෝණ අටක් හා පාද අටක් ඇති බහු අස්‍රය; අටපට්ටම.

අෂ්ටි

1. නා.ප්‍ර. ගෙඩිවල ඇටය හෝ මදය.
2. නා.ප්‍ර. අස්ථිය.

අෂ්ටි කලාපය

නා. ඇටසැකිල්ල; ඇටකූඩුව.

අෂ්ටි ධාතුව

නා. බුද්ධාදි මහෝත්තමයන්ගේ ශරීරයෙන් ඉතිරි වූ ඇට; අෂ්ටි සඞ්ඛ්‍යාත ශේෂභාගය.

අෂ්ටි ඵලය

(පාරිභා.) නා. අභ්‍යන්තරයෙහි ඇටයක් ඇති මස් සහිත ගෙඩිය හෝ මදයක් ඇති ගෙඩිය (=drupe).

අෂ්ටි සඞ්ඛලිකය

නා. ඇටසැකිල්ල.

අෂ්ටිලය

(පාරිභා.) නා. මුහුදු වෙරළෙහි දක්නට ලැබෙන වටකුරු බොරලු (=shingle).

අෂ්ටෝත්තර ශතය

නා. අටකින් වැඩි සියය; එකසිය අට.

අෂ්ඨිය

නා. ගෙඩියක ඇටය නොහොත් මදය.

අස

1. නා. දසරුව; උරහිස.
2. නා. අද්දර; කෙළවර; වාටිය; ගැට්ට; ඉවුර.
3. නා. ප්‍රදේශය; දිශාව.
4. නා. සමීපය; අසල.
5. නා. අභිප්‍රාය; කැමැත්ත; රුචිය; ආශාව.
6. නා. ඇස; ඇහැ; අක්ෂිය.
7. නා. ඡිද්‍රය; සිදුර.
8. නා. ස්වල්පය; ලේශය.

අසංකය

නා. ගණන් කළ නොහැකි සඞ්ඛ්‍යාව; ප්‍රමාණ කළ නොහැකි ඉතා දීර්ඝ කාලය.

අසංඛතය

නා. ප්‍රත්‍යයකින් සකස් නොවූව; ප්‍රත්‍යයකින් නොහටගත් දෙය; නිර්වාණය.

අසංචිය

නා. අතරතුර නැවැත්ම හෝ කඩවීම.

අසංයත

වි. නොහික්මුණු; සංවර නොවූ; අවිනීත; අසංයම.

අසංවරය

නා. සංවරය නොමැති බව; ඉන්ද්‍රියයන් නොහික්මුණ බව.

අසංවර්ධිත

වි. සංවර්ධනය නොකරන ලද; දියුණු නොකරන ලද; නොදියුණු.

අසංවාසික

වි. එකට වාසය නොකරන; එකට නොපවතින හෙවත් සම්බන්ධ නොවන.