සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 191
අසංවුත
වි. නොවැසුණු; සංවෘත නොවූ; විවෘත.
අසංශෝධිත
1. වි. පිරිසිදු නොකළ; ශුද්ධ නොකරන ලද.
2. වි. වැරදි අස් කිරීමෙන් සංශෝධනය නොකරන ලද.
අසංසට්ඨ
වි. මිශ්‍ර නොවූ හෙවත් ආශ්‍රය නොකරන.
අසංසර්ගය
නා. එක් නොවීම; ආශ්‍රය නොකිරීම.
අසංස්කෘත
1. වි. සකස් නොවූ; අශිෂ්ට; අසත්‍ය; ග්‍රාම්‍ය; හික්මීමක් නැති.
2. (අභි.) වි. ප්රත්යයකින් හට නොගත්.
අසංස්කෘත ධර්මය
නා. (අභි.) හේතු ප්‍රත්‍යය අනුව පහළ නොවූ ධර්මය.
අසංස්ථිත
වි. ස්ථාවර නොවූ; නිතර වෙනස් වන සුලු.
අසංස්පෘෂ්ට
වි. ස්පර්ශ නොකරන ලද; නොගැටුණු.
අසංසෘෂ්ට
වි. සම්බන්ධ නොවූ.
අසංහත
වි. සංහත නොවූ; ඝන නොවූ; බුරුල්.
අසංහිත
වි. එක් නොකළ; සන්ධි නොවූ.
අසංහීර
වි. නොමැඬිය හැකි; අනභිභවනීය.
අසක
1. වි. සැක නැති; නිසැක.
2. වි. ස්වකීය නොවූ; අන්‍ය.
අසක්කුව
(කථා.) නා. නැති බැරිකම; අමාරුව; හදිසි අවශ්‍යතාව.
අසක්ත
වි. නොඇලුණු; ඇලී ගැලී නැති.
අසකි
1. වි. ගණන් කළ නොහැකි; අප්‍රමාණ.
2. වි. අශක්‍ය; නොහැකි.
අසඞ්කල්ප්ය
වි. සිතිය නොහැකි.
අසඞ්ක්ලිෂ්ට
වි. කිලිටි නොවූ; නොකෙලෙසුණු.
අසඞ්ක්ලේශ
නා.ප්‍ර. සුපිරිසිදු බව.
අසඞ්කීර්‍ණ
වි. සඞ්කර නොවූ; නිරවුල්; සරල.
අසඞ්කුචිත
වි. නොහැකිළි; නොහැකිළුණු.
අසඞ්ඛතය
නා. (අභි.) හේතු ප්රත්යයකින් නොහටගත් දෙය; නිර්වාණය.
අසඞ්ඛලිත
වි. පැකිළීමක් නැත්තා වූ.