සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 193
අසතී
නා.ප්‍ර. පතිවත නොරකින ස්ත්‍රිය; ලාමක ස්ත්‍රිය.
අසද
වි. සුව කළ නොහැකි; අසාධ්‍ය.
නා.ප්‍ර. ශ්‍රද්ධා රහිතබව; අශ්රද්ධාව.
අසද්ධර්මය
නා. අසත්‍ය ධර්මය; මිථ්‍යා ධර්මය.
අසදෘශ
වි. සමාන නොවූ; අතුල්‍ය.
අසන
1. නා.ප්‍ර. කෑම; අනුභවය.
2. නා.ප්‍ර. ආසනය.
අසනවා
1. ක්‍රි. ප්‍රශ්න කරනවා; විමසනවා.
2. ක්‍රි. ශ්‍රවණය කරනවා; සවන් දෙනවා; විමසනවා.
3. ක්‍රි. නාසයෙන් ගඳ සුවඳ දැන ගන්නවා; ආඝ්‍රාණය කරනවා.
අසන්
වි. ආසන්න; සමීප; ළඟ.
අසන් මාර්ගය
නා. වැරදි මග; අයහපත් මග.
අසන්තක
වි. අයිති නැති; හිමි නැති.
අසන්තාසය
නා. තැති ගැනීම් නැතිබව; භය රහිත වීම.
අසන්තුෂ්ටිය
නා. අසතුට; අප්‍රසාදය.
අසන්ථවය
නා. සමාජය හා සම්බන්ධයක් නැති ව විසීම; හුදකලා වාසය.
අසන්දිග්ධ
වි. සැකයක් නැති; නිසැක.
අසන්දේහ
නා.ප්‍ර. සැකයක් නැති බව; නිසැකබව.
අසන්නායකය
(පාරිභා.) නා. විද්‍යුත් ධාරා හෝ තාපය හො සන්නයනය නොවන ද්‍රව්‍යය (=non-conductor).
අසන්නිහිත
වි. ළං කොට නොතැබූ; ළං නොවූ; සමීපයෙහි නොවූ.
අසනි චක්‍රය
නා. හෙණ පහර; හෙණය.
අසනි පතනය
නා. අකුණු පාත් වීම; හෙණ ගැසීම.
අසනිය
නා. අකුණ; හෙණය.
අසනියමල්
නා.ප්‍ර. විලඳ; වී පොරි.
අසනීපය
නා. සනීප නැතිබව; රෝගය; ව්‍යාධිය; ලෙඩ.
අසප්පාය
වි. අයහපත්; නුසුදුසු; අසත්ප්‍රාය.
අසපුව
නා. තවුසකුගේ (ආරණ්‍යක) නිවාසය; ආශ්‍රමය.
අසඵල
වි. සාර්ථක නොවන; නිෂ්ඵල; නිසරු.
අසබඩ
නා.ප්‍ර. අසල; සමීපය; අද්දර.