සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 194
අසබා
වි. සැබෑ නොවූ; බොරු.
අසභ්‍ය
වි. සභ්‍ය නොවූ; අශිෂ්ට; ග්‍රාම්‍ය; අශීලාචාර.
අසම
වි. සම නොවූ; අසදෘශ වූ.
අසම පරිණතිය
(පාරිභා.) නා. එක ම පුෂ්පයෙහි රේණු හා කලංක එකවිට පරිණත නොවීම (=dichogamy).
අසමජ්ජාතිකයා
(කථා.) නා. පහත් පුද්ගලයා; නින්දිත තැනැත්තා.
අසමර්ථ
වි. නොහැකි; අදක්ෂ.
අසමවායි
වි. (න්‍යාය.) නිත්‍ය සම්බන්ධයක් නැති.
අසමසම
වි. අසමයන්ට සමාන; අනුත්තර; අසදෘස.
අසම්පජඤ්ඤය
නා. සිහි නුවණින් තොර බව; අඥාන බව.
අසම්පන්න
වි. සමෘද්ධ නොවූ; ඵලදායී නොවූ.
අසම්ප්රයුක්ත
වි. සම්බන්ධ නොවූ; නොයෙදුණු.
අසම්ප්රයෝග
නා.ප්‍ර. එක් ව නොයෙදීම; වෙන් ව පවත්නා බව.
අසම්ප්‍රාප්ත
වි. නොපැමිණි හෝ ළඟා නොවූ; නොලැබුණු.
අසම්පීඩ්ය
(පාරිභා.) වි. සම්පීඩනය කළ නොහැකි; සංකෝචනය කළ නොහැකි (=incompressible).
අසම්පූර්ණ
1. වි. සම්පූර්ණ නොවූ; අඩුපාඩුකම් ඇති; ඌන.
2. (පාරිභා.) වි. සම්පූර්ණ නොකළ; පටන්ගත් ගමන්. (=inchoate).
අසම්බන්ධ
1. වි. සම්බන්ධ නැති; නොගැළපෙන.
2. (පාරිභා.) වි. විච්ඡින්න.
අසම්බාධ
වි. බාධා නැති; අවහිරයක් නැති.
අසම්භවය
නා. සම්භව නොවීම; ඇති නොවීම; නොහටගැන්ම.
අසම්භාවනාව
නා. ඇදහීමට හෙවත් විශ්වාස කිරීමට නොහැකි වීම.
අසම්භාවනීය
1. වි. සම්භාවනීය නොවන; බුහුමන් නොකළ යුතු.
2. වි. විය නොහැකි; අනුචිත.
අසම්භාව්‍ය
1. වි. විය නොහැකි; සිතාගත නොහැකි.
2. වි. පරස්පර විරෝධී; අන්‍යෝන්‍ය විරුද්ධ.
3. වි. ඒකාන්ත සේ නොසැලකිය හැකි; අනියත.
අසම්භාව්‍ය ක්‍රියාව
නා. (ව්‍යාක.) අනියමාර්ථයක් හෝ කාලාර්ථයක් හෝ ප්‍රකාශ කරන ක්‍රියාව.
අසම්භාවිත
වි. සම්භාවිත නොවූ; සිතිය නොහැකි; විය නොහැකි.