සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 195
අසම්භින්න
1. වි. කුල පරම්පරාවෙන් අභින්න හෙවත් අමිශ්‍ර.
2. වි. අමිශ්‍ර වූ; දිය නොමුසු.
අසම්භීත
වි. නිර්භය; නිර්භීත; එඩිතර.
අසම්භූත
වි. නොවූ; නොවූ විරූ; අභූත.
අසම්භෝගය
1. නා. භුක්ති නොවිඳීම.
2. නා. භික්ෂූන්ගේ ධර්මාමිෂ සම්භෝගය නැති වීම.
අසම්මත
වි. සම්මත නොකළ; නොපිළිගත්.
අසම්මතකාරී
වි. අදක්ෂ; දක්ෂ නොවූ.
අසම්මර්ශන
නා.ප්‍ර. සම්මර්ශනය නොකිරීම; වටහා නොගැනීම; අවබෝධ නොකිරීම.
අසම්මිශ්‍ර
වි. මිශ්‍ර නොවූ; නොගැටුණු.
අසම්මුඛ
වි. ඉදිරියෙහි නොවූ; අනභිමුඛ; මුණ නොගැසුණු.
අසම්මූඪ
වි. සිහි මුළා නොවූ; ශාන්ත; සන්සුන්.
අසම්මෝදන
නා.ප්‍ර. එක් ව සතුටු නොවීම.
අසමාන
වි. සමාන නොවූ; වෙනස්; අසදෘශ; නිරූපම.
අසමාපන්න
වි. නොපැමිණි; නොඑළඹි; නොසමවැදුණු.
අසමාහාර
වි. එක් නොවූ; එක් නොකළ.
අසමාහිත
වි. නොසන්සුන්; නොදැමුණු; වික්ෂිප්ත.
අසමීක්ෂණය
නා. සිහි පරීක්ෂාවෙන් කටයුතු නොකිරීම.
අසය්හ
වි. නොඉවසිය හැකි; ජය ගත නොහැකි.
අසර
1. නා.ප්‍ර. හැසිරීම; පැවැත්ම.
2. නා.ප්‍ර. ඇසුර; ආශ්‍රය.
3. නා.ප්‍ර. මාවත; මාර්ගය.
අසරණයා
නා. සරණක් හෙවත් පිහිටක් නැති තැනැත්තා; අනාථයා.
අසරණසරණ
වි. අසරණයන්ට පිහිට වන; අනාථනාථ වූ.
අසරමිණිය
නා. දෙපා නමා අරමිණිය ගොතා හිඳීම; පර්යඞ්කය.
අසරු
වි. සරු නැති; නිසරු; වඳ.
නා.ප්‍ර. අසු පිට යන්නා; අසරුවා.
අසරුප්
වි. නුසුදුසු; අනුචිත; අසාරුප්‍ය.
අසරුපෙළ
නා. අශ්වාරෝහක ශ්‍රේණිය; අසරු පිරිස.