සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 196
අසල
වි. නිසල; නොසෙල්වෙන.
1. නා. ළඟ; සමීපය; ආසන්න ප්‍රදේශය.
2. නා. පර්වතය; කන්ද.
අසල්වාසී
වි. සමීපයෙහි වසන; ළඟපාත වාසය කරන.
අසවල්
වි. එවැනි; එබඳු; ඒ අකාර.
අසවලා
නා.ප්‍ර. එවැනි තැනැත්තා; එබඳු පුද්ගලයා.
අසවු සන්ධිය
(පාරිභා.) නා. අසවුවක ආකාරයට සම්බන්ධය වූ අස්ථි සන්ධියක් (=hinge- joint).
අසවුව
නා. සරනේරුව.
අසස
1. නා. (නාසයෙන්) වාතය ඇතුළට ගැනීම; හුස්ම ගැනීම.
2. නා. අස්වැසීම; සැනසිල්ල.
අසස්වත
වි. සදාකාලික නොවූ; නිත්‍ය නොවූ; අචිරස්ථායි; අස්ථිර; අශාශ්වත.
අසහනය
නා. නොඉවසීම; ඉවසිය නොහැකි බව; දැරිය නොහැකි බව.
අසහ්‍ය
වි. ඉවසිය නොහැකි; විඳිය නොහැකි; දැරිය නොහැකි.
අසළ
වි. පුරුදු කළ; පරිචිත; ප්‍රගුණ කළ.
අස්
1. නා.ප්‍ර. දසරුව; උරහිස.
2. නා.ප්‍ර. ලාඤ්ඡනය; මුද්‍රාව.
අස් ඇණිය
නා. අශ්ව සේනාව; අස් හමුදාව.
අස් ඔබනවා
ක්‍රි. ලාඤ්ඡනය හෝ මුද්‍රාව තබනවා; සීල් තබනවා.
අස් කරනවා
1. ක්‍රි. ඉවත් කරනවා; පසෙකට කරනවා.
2. ක්‍රි. තැන්පත් කරනවා.
අස් දම්සැරියා
නා. අසුන් දමනය කරන්නා; හික්මවන්නා; අස්සදම්ම සාරථි.
අස් වළල්ල
නා. සටන් පිණිස වලයාකාරයෙන් එනම් වළල්ලක හැඩයෙන් කවාකාර ව සැදි අසුන් පෙළ; අස්බළ ඇණිය; අශ්වාරෝහ හමුදාව.
අස්ඉල
නා.ප්‍ර. අස්ලොම්.
අස්කඩ
1. නා. රෙදි කැබෙල්ල; (කථා.) කොණ්ඩය බැඳීමට ගන්නා රෙදිපටිය.
2. නා. භික්ෂූන් සිවුරට යටින් එක් උරයක් වසා පොරවන සිවුරුකඩ; අසංකඩ.
අස්කබල
(කථා.) නා. ඉරී ගැහුන පරණ වළඳ; ආප්ප ආදිය පිළිස්සීමේදී උඩින් තබන ගිනි කබල.
අස්කොන
නා.ප්‍ර. වියූ පැදුරු ආදියෙන් කපා ඉවත් කරන කෙළවරවල්.
අස්තගත
වි. බැස ගියා වූ; අදෘශ්‍යමාන වූ.
අස්තඞ්ගමය
1. නා. ඉර හෝ සඳ හෝ බැස යෑම.
2. නා. අදෘශ්‍යමාන වීම.
අස්ථි කුහරය
(පාරිභා.) නා. ඇටයක ඇති කුඩා විවරය; ඇට කුහරය; කෝටරකය (=sinus).