සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 202

අහම්බෙන්

ක්‍රි.වි. අනියම් ලෙස; බලාපොරොත්තු නොවූ පරිදි; හදිස්සියෙන්.

අහඹු

වි. අනියම්; බලාපොරොත්තු රහිත (= accidental).

අහර

නා. ආහාරය.

අහරකිස

නා. අනුභවය; ආහාර ගැනීම; ආහාර කෘත්‍යය.

අහරවිහරණ

නා.ප්‍ර. ආහාරය හා වාසය.

අහල පහල

නා. ආසන්න ප්‍රදේශය; කිට්ටුව; සමීපය.

අහවර වෙනවා

ක්‍රි. ඉවර වෙනවා; හිස්වෙනවා.

අහවලා

නා. අසවල් තැනැත්තා; ඒ පුද්ගලයා.

අහස් ජලය

නා. වැසි දිය; වර්ෂා ජලය; අහස් දිය; අහස් පැන්.

අහස් නැව

නා. අහස්හි ගමන් කරන වාහනය; අහස් යානය.

අහස් වියන

නා. ගෙයක් හෝ එළි මහනෙහි ඉහළින් බඳින ආවරණය; උඩුවියන.

අහස්ගඟ

නා. ආකාශ ගඞ්ගාව; දිව්‍ය ගඞ්ගාව.

අහස්ගැබ

නා. අහස්කුස; අන්තරීක්ෂය; ආකාශය.

අහස්නී

නා.ප්‍ර. අහස් ගඟ.

අහස්පත

1. නා. ආකාශ පත්‍රය; සරුංගලය.
2. නා. ආකාශ පථය; අහස් මඟ.

අහස්පියෙස්

නා.ප්‍ර. ආකාශය; අහස.

අහස්මිණ

නා. සූර්යයා; ඉර.

අහස්යාත්‍රාව

නා. අහස්යානය; අහස්නැව.

අහස්සැරි

වි. ආකාශචාරී; අහසෙහි සැරිසරන; ආකාශචාරි වූ.

අහාර්ය

වි. නොගෙන යා යුතු; පැහැර නොගත හැකි.

අහි

1. නා.ප්‍ර. සර්පයා.
2. නා.ප්‍ර. සූර්යයා.
3. නා.ප්‍ර. රාහු ග්‍රහයා.

අහිංසන

වි. හිංසා නොකරන; නොපෙළන.

අහිංසාවාදියා

නා. හිංසා නොකිරීමේ ධර්මය දෙසන්නා හෝ පිළිපදින්නා.

අහිකුණ්ටකයා

1. (කථා.) නා. නයි නටවන්නා.
2. නා. එනම් ගෝත්‍රිකයා.
3. නා. ස්ථිර වාසයක් නැති ව තැනින් තැන ඇවිදින්නා.