සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 211
ආඥප්ත
වි. නියම කරන ලද; අණවන ලද.
ආඥප්තිය
නා. නියමය; ඇණවුම.
ආඥා
නා.ප්ර. බලය; නියෝගය; අධිකාරිත්වය; අණ; විධානය.
ආඥා කරනවා
ක්රි. අණ කරනවා; නියෝග කරනවා; විධාන කරනවා.
ආඥා ක්ෂේත්රය
නා. බලය නොහොත් ආනුභාවය පැතිර පවත්නා ප්රදේශය.
ආඥා චක්රය
නා. චක්රයක් මෙන් ප්රවර්තනය කරවන්නා වූ අණ; සියලු ක්ෂේත්රයන්හි පැතිර පවත්නා බලය; අණසක.
ආඥා පත්රය
නා. ලිඛිත නියෝගය.
ආඥා පනත
නා. නියෝගය; ආඥාව; ව්යවස්ථාව.
ආඥා භඞ්ගය
නා. අණ කඩකිරීම.
ආඥා භේරිය
නා. රාජාඥාවක් ප්රකාශ කිරීමට ගසනු ලබන බෙරය; නියෝගයක් හෝ නිවේදනයක් හෝ ප්රසිද්ධ කිරීමට හසුරුවන බෙරය; අණබෙරය.
ආඥා මකනවා
ක්රි. නියෝගය කඩකරනවා; ආඥාව උල්ලංඝනය කරනවා.
ආඥා රේඛාව
නා. අණසක පවත්නා සීමාව දක්වන ඉර.
ආඥාත
වි. මනා කොට අවබෝධ වූ.
ආඥාදායකයා
නා. අණ දෙන්නා; ඒකාධිපතියා.
ආඥාමුරිත්තු දඩය
නා. රාජ අණ කඩ කිරීම නිසා ගෙවිය යුතු දඩය.
ආඥාව්යතික්රම
නා.ප්ර. අණ ඉක්මවා යාම; අණ කඩ කිරීම; ආඥා උල්ලංඝනය.
ආටවිකයා
නා. වනයෙහි වාසය කරන්නා; වනාරක්ෂකයා.
ආට්ටාල
නා. හිරිහැරය; අවහිරය; පළිබෝධය.
ආටීසියානු ළිඳ
නා. නළයකින් පස සිදුරු කළ කල්හි පොළොව යට ඇති ජලය ස්වාභාවික පීඩනයේ බලයෙන් මතුපිටට ගෙන්වා දෙන ළිඳ.
ආටෝපය
1. නා. ඉදිමීම; පිම්බීම.
2. නා. සාඩම්බර භාවය; ව්යාජ ඔපය.
3. නා. ඝනකම; උකුගතිය.
ආඩපළි
නා.ප්ර. නෝක්කඩුව; වගපළ කීම; දෝෂාරෝපණය; චෝදනාව.
ආඩම්බර
වි. උඩගු; අහංකාර; දර්පයෙන් යුක්ත.
ආඩය
1. (කථා.) නා. ඉඩකඩ; අවකාශය.
2. නා. උඩඟුකම; බොරු අහංකාරය.
3. නා. සුව වෙමින් පවතින තුවාලයක් මත ඇති වන වියළි සම; කබොල්ල.
ආඪකය
නා. ධාන්ය හෝ ද්රව මනින මිම්මක්; එසේ මනින භාජනය.