සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 271
ඉපියාකඳ
නා. දිය මත පාවීම සඳහා ලීයෙන් හෝ ලෝහයෙන් සාදන ලද රවුම් කුහර සහිත භාණ්ඩය; බෝයාව; ඉපිලි කඳ.
ඉපියාමල
(කථා.) නා. කිතුල් ගසක තුන්වෙනි වාරයට මතුවන මල.
ඉපිර යනවා
ක්රි. ගැලවී යනවා; මුලින් ඉදිරී යනවා.
ඉපිල්ල
1. නා. බිළී ලණුවෙහි හෝ දැලෙහි හෝ යොදා දිය මත පාවෙන්න සලස්වන සැහැල්ලු ලී කැබැල්ල හෝ එවැනි ද්රව්යය; බෝයාව.
2. (පාරිභා.) නා. ද්රවයක් මත රැඳි පාවෙන වස්තුව; කාබියුරේටරයේ ඉපිලි කාමරයේ ඇති පැට්රෝල් මත පාවෙමින් තිබෙන තුනී පිත්තල තහඩුවෙන් තනන ලද කුඩා සිලින්ඩරය (=float).
ඉපිල්ලවාසී
වි. ඉපිලගිය; උදම් වූ.
ඉපිලි කාමරය
නා. මෝටර් රථයක ඇන්ජිම ක්රියා කරවීමට අවශ්ය මිශ්රණය සම්පාදනය කිරීම සඳහා ටැංකියෙන් එන පැට්රල් ස්වල්ප ප්රමාණයක් එකතු වී තිබෙන කාමරය; කාබියුරේටරය.
ඉපිලෙනවා
1. ක්රි. ද්රවයකින් උඩට මතු වෙනවා; පාවෙනවා.
2. ක්රි. පැන නැඟෙනවා; වේගයෙන් පිටතට ගලා එනවා.
3. ක්රි. පිටතට ඉස්සෙනවා.
4. ක්රි. චංචල වෙනවා; කම්පා වෙනවා.
5. ක්රි. ඉපිල යනවා; උදම් වෙනවා.
ඉපුල්
නා.ප්ර. උපුල්; නිල් ඕලු.
ඉබ
නා.ප්ර. ඇතා; හස්තියා.
ඉබ්බා
1. නා. අස්ථිමය පිට කටුවකින් ශරීරය ආවරණය වූ කෙලෝනියා ගෝත්රයට අයත් උරගයා.
2. නා. ඉබ්බකුගේ සාමාන්ය හැඩය ඇති ලෝහමය අගුළු විශේෂය.
ඉබාගාතෙ
ක්රි.වි. අරමුණක් නැති ව; අභිප්රාය රහිතව; ඉස හැරුණු අතක.
ඉබානන
නා.ප්ර. ගණදෙවිඳු.
ඉබිකබල
නා. ඉබ්බාගේ ශරීරය වැසී තිබෙන කටුව; කුර්ම කපාලය.
ඉබියතුර
නා. එනම් යකඩ අගුළු විශේෂය; එම අගුළ ඇරීමට හෝ වැසීමට හෝ භාවිත කරන යතුර.
ඉබු
නා.ප්ර. ඇතා; හස්තියා.
ඉභ
නා.ප්ර. ඇතා; හස්තියා.
ඉම
නා. මායිම; සීමාව.
ඉමල්ෂණය
නා. තෙල් හෝ ලාටු ද්රව්ය මිශ්රිත ද්රව්යය; තෛලෝදය (=emulsin).
ඉමල්සින්
(පාරිභා.) නා.ප්ර. තිත්ත ආමන්ඩ්වලින් ලබාගන්නා එන්සයිමයක නාමය (=emulsin).
ඉම් ගල
නා. මායිම දක්වන ගල; සීමා ගල.
ඉම් ටැම්
නා.ප්ර. සීමා ස්තම්භය; මායිම් දක්වන කණුව.
ඉම් නියර
නා. කුඹුරු කොටස් දෙකක් අතර මායිමට දමා ඇති කුඩා වේල්ල.
ඉම් පත
නා. ඉඩකඩම්වල මායිම් දක්වන ලේඛනය; මායිම් ලැයිස්තුව.
ඉම් රේඛාව
(පාරිභා.) නා. මායිම හෙවත් සීමාව දක්වන ඉර.